සමහරු කෙට්ටු වෙන්න ග්‍රීන් ටී බොනවා. සමහරු
බ්ලැක් ටී බොනවා. ගෙදරට අමුත්තෙක් ආවහම
අපි කතාව පටන් ගන්නේ තේ එකක් බොන ගමන්.හැබැයි අපි දන්නවාද මේ තේ මොනවද කියලා. තේ කෝප්පය පිටිපස්සේ ඒ රසයට, සුවඳට වහ වැටිච්ච තේ සමාජයක් ඉන්නවා.
ඒත් මේ තේ දල්ලේ සංයුතියේ රහස හමු වෙලා තියෙන්නේ නම් ළඟදී. චීන උද්භිද විද්‍යාඥයන්
පිරිසක් තමයි මේ රහස හොයා ගෙන තියෙන්නේ. Camellia Sinensis කුලයට අයත් තේ ගස්වලින් ගන්න දල්ලෙන් සුදු තේ, කහ
තේ, හරිත තේ, ඌ ලෝන්ග් තේ, කළු තේ හා මුදුන් තේ කියලා වර්ග 6ක් නිෂ්පාදනය කරනවා.ඒ වගේම
ඒ තේ වර්ග හයටම වෙනම සුවඳක්, රසක්,පාටක් තියෙනවා.ඒ ඒ රස ඇති වෙන්නේ සුවිශේෂී රස උත්පාදනය කෙරෙන
රසායනික සංයුතීන් නිසයි. එක තේ කොළයක රස ගොඩක් තිබේ.ඒ රසවල ජාන පදනම තමයි කුන්වින්
උද්භිද විද්‍යාලයේ ජාන විශේෂඥ මහාචාර්ය
ලිෂි ගාඕ මහතා හොයනන පටන් ගෙන තියෙන්නේ. Camellia කියන උද්භිද නාමයෙන් තේ කුලයේ පැළෑටි 100ක් විතර
තියෙන බව මහාචාර්ය ලිෂි ගාඕ මහතා ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි වාණිජ මට්ටමේ
තේ නිෂ්පාදනය සඳහා යොදා ගන්නේ Camellia Sinensis විතරයිලු. තේ රස රහස හොයන කොට තේ වලටම
ආවේනික ප්‍රබල රසායන වර්ග සොයාගෙන තියෙනවා වගේම “කැෆේන්” තේ ගසේ ද රසායන වර්ග
හොයා ගන්න සමත් වූ බවයි මහාචාර්ය පවසන්නේ. චීන විද්‍යාඥයන් විසින් සිදු
කරපු මේ පර්යේෂණය තේ නිපැයුම්කරුවන්ට විශාල බලපෑමක් කියලා තමයි බ්‍රිතාන්‍යයේ “
කිව් ගාර්ධන් ”රාජකීය උද්භිද උද්‍යානයේ විද්‍යා විෂය භාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා
ආචාර්ය මොනික් සිපොන්චිස් මහත්මිය කියන්නේ.කොහොම උණත් චීනයේ මේ පරීක්ෂණයට අවුරුදු
5ක් ගතවෙලා තියෙනවා.DNA අණු කෝටි තුන්සීයක් පරික්ෂා කරලා බලනකොට
තමයි තේ ගසේ ජාන කෝපි ගහේ ජානවලට වඩා ප්‍රමාණය අතින් සිවු ගුණයක් විශාලයි කියලා
හොයාගෙන තියෙන්නේ. විද්‍යාගාර තුළ විස්සකට අධික පැළෑටි ජාන බද්ධ ඒවා එකට ගොනු කරලා
කරපු පර්යේෂණ වලින් හොයාගෙන තියෙන දෙයක් තමයි තේ ගස් වල තියෙන ජාන ඉතා ශක්තිමත්
බව. මුල්ම තේ ජානමය බද්ධ කිරීම සිදුවෙලා තියෙන්නේ මීට අවුරුදු පහළොවකට පමණ
පෙරයි.එත් මේ කරපු පරීක්ෂණයත් එක්කම, මේ
පරික්ෂණයෙන් ලබාගත් දේවල් වලින් පැළෑටි අභිජනනය කරන අයට හොඳ පිළිතුරක් ලැබිලා තියෙනවා කියලත් ඔවුන් කියනවා.
maaaaraine
ReplyDelete