ඉන්දියන් සාගරයේ පිහිටා ඇති කුඩා දිවයිනක් වීම
හේතුවෙන් ශ්‍රී ලංකාව මෝසම් දෙකකට නිරාවරණය වන අතර එමගින් විවිධ ස්වභාවික උපද්‍රවයන්ට
ලක්වීමට ඇති ඉඩකඩ වැඩිය.ශ්‍රී ලංකාව වැඩි වශයෙන්ම මුහුණ දෙනු ලබන ස්වභාවික උපද්‍රවයන්
ද්විත්වය වන්නේ මෝසම් වැසි හේතුවෙන් ඇතිවන ගංවතුර, නායයෑම් තත්වයන් හා මෝසම් වැසි පමාවීම හේතුවෙන් ඇතිවන නියං තත්වයන්
ය.එසේම අකුණු,සමුද්‍ර ඛාදනය,බෝවන රෝග මෙන්ම පරිසර දුෂණය ආදී උපද්‍රවයන්ටද ශ්‍රී
ලංකාව මුහුණ දේ. 2004 වසරේ ඉන්දියන් සාගරයේ ඇති වූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ශ්‍රී
ලංකාවේ වෙරළ තිරය දැඩි විනාශයකට මුහුණ දුන් අතර එමගින් විවිධ ව්‍යසනයන් හට ලක්වීමට
හා ඒවායේ පීඩාවට පත් වීමට ඇති ඇති ඉඩකඩ මැනවින් ප්‍රදර්ශනය වේ. මේ දින වලද එවැනි මහා ඛේදවාචකයකට අප රට මුහුණ දෙමින් පවතී.ඒ මෝරා සුළි කුණාටුව
හේතුවෙන් ඇති වූ මහා ගං වතුරයි. කොහොමද මේ ගං වතුරක් ඇති වන්නේ. ඒ පිළිබඳ මෙසේ
විමසා බලමු.
ගංවතුර යනු විශාල ජල කඳක් පිටාර ගලා
යාමක් වන අතර එය බිම් පෙදෙසක් යට කර ගනියි. ගංවතුර නිර්වචනයට අනුව නම් ගංවතුරක්
යනු යම් බිමක් තාවකාලිකව ජලයෙන් යටවීමක් මිස සාමාන්‍යයෙන් බිමක් ජලයෙන් පිරියාමක්
නොවේ
.
ශ්‍රී ලංකාවට බලපාන ගංවතුර ප්‍රධාන ආකාර 3 කට
මෙරට අපදා කළමනාකරණ විශේෂඥයන් විසින් හදුනාගෙන තිබේ.
වර්ෂා ජලය ශීඝ්‍රයෙන් වැඩි වී පීටර ගැලීම නිසා
ඇතිවන ගංවතුර.
නිශ්චිත කාලයන්වලදී ගංගාවල ජල මට්ටම වැඩිවීම නිසා ඇතිවන ගංවතුර.
හදිසි කුණාටු නිසා ඇතිවන ගංවතුර.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුව අඩි 5ත් 8ත් අතර
පවතින ගංවතුර තත්වයන් සුළු ගංවතුර තත්වයකි. අඩි 8ත් 11 අතර තත්වයන් මහා ගංවතුරක්
ලෙස සලකයි.අඩි 11 ඉක්මවන ගංවතුර විපත්තිදායක ගංවතුරයි. බොහෝ ගංවතුර තෙත් කලාපයට
බලපෑවද වසරේ අවසාන භාගයේදී වියළි කලාපවලට ඇද හැලෙන අන්තර් මෝසම් වැහි කතරම් ප්‍රබල
වන්නේද කිවහොත් එම ප්‍රදේශ ඉතා දරුණු ගංවතුර තත්වයන් බවට පත වීම බිහිසුණු වේ.
ගංවතුර තත්ත්වයක් ඇති වීමට බලපාන හේතු සාධක
කිහිපයක් හදුනාගැනීමට පුළුවනි.
පවතින වැසි වැඩියෙන් ඇද හැලීම හෝ හිම කැට වීම්
වේගවත් වීම් ගංගාවල ජල ප්‍රමාණය වැඩි කිරීම සඳහා බලපානු ලබයි. ඊට අදාළ හේතුන්
වන්නේ විශාල මෝසම් වැසි, චණ්ඩ මාරුතයන්, සහ නිවර්තන දේශගුණයන්ගේ වායු පීඩනය
විදේශීය සුළං සහ අයිස් කැටි සඳහා බලපාන උණුසුම් වැසි ආදියයි.නායයෑම්, අයිස් හෝ
සුන්බුන් වැනි බලාපොරොත්තු නොවූ වැසි තත්ත්වයන් නිසා කාණු පද්ධතිය අවහිර වීම ජලය
පහළට ගලා යාමේ වේගය අඩු වීමට හේතු වේ. මෙම අවස්ථාව සෙමින් වර්ධනය වන ගංවතුර ලෙස
හැඳින්වේ.
සංවහන වර්ෂාපතනය ඇතිවන ක්ෂණික ගංවතුර ( ක්ෂණික
වැහි කුණාටු ) හෝ හදිසියේ වේල් කැඩීයාම,නායයාම් හා හිම නදී හේතුවෙන් ජල මට්ටම ඉහළ
යාම හා ජලය බැසීම අවහිර වීම වේගවත් වර්ගය ලෙස හදුන්වා තිබේ.
මෝය තවත් එක් හේතුවකි. එනම් සාමාන්‍යයෙන් කුණාටු සුළං
නිසා ඇතිවන මුහුදු වඩදිය බාදිය රැලිවල එකතුව මීට බලපානු ලබයි. නිවර්තන සුළි කුණාටු
හෝ අතිරේක නිවර්තන සුළං කුණාටු තුලින් ඇතිවන කුණාටු දියවැල් මේ ඝනයට අයත් වේ.
වෙරළ ආශ්‍රිත ඇතිවන කුණාටු ගංවතුර ඇතිවීමට බලපාන
තවත් සාධකයක් ලෙස හදුනාගැනීමට පුළුවනි.එහිදී විශාල මුහුදු කුණාටු හෝ අනෙකුත් උපද්‍රවයන්
( සුනාමි හෝ චණ්ඩ මාරුත ) මීට හේතු වේ.
සැලකිය යුතු නමුත් බලාපොරොත්තු නොවූ සිද්ධියක්
නිසා විප්පත්තිදායක ඇති වේ.වේලි කඩා වැටීම් හෝ වෙනත් උපද්‍රව හේතුවෙන් ඇතිවන
තත්වයන් මෙහිදී හදුනා ගැනේ. (භුමි කම්පා හෝ ගිනිකඳු පුපුරා යාම් )
පිටාර ගැලීම් නිසා වගාබිම් වල මඩ සහිත ගංවතුර ද
ඇති වේ. මඩ සහිත ගංවතුරක් නිර්මාණය වනුයේ පිටාර ගැලු වගා බිම් එකතුවක් හේතුවෙනි.
පිටාර ගැලු මඩ ප්‍රමාණයන් එහි තැම්පත් වේ. මඩ සහිත ගංවතුර වඩා අවදානමට ලක්වීමට ඉඩ
ඇත්තේ එය තහනම් කලාපය වෙත ඇදී ගිය විටදීය. මඩ සහිත ගංවතුර කඳු බැවුම් මත ඇතිවන ක්‍රියාවලියක්
බැවින් මෙහිදී මඩ ගලා යාම් හේතුවෙන් ඇතිවන ජල සංචලන පීඩනය වැළක්විය යුතුය.
විනිවිද යා නොහැකි මතු පිටක ( වැසි ) ජලය එකතු
වීම හේතුවෙන් හා වේගයෙන් විසුරුවා හැරිය නොහැකි විටදී ද ( අඩු වාෂ්පීකරණය හෝ මෘදු
සංස්ථානය ) ගංවතුර ඇති විය හැකිය.
Niyamiii
ReplyDeletethanks
Delete