Saturday, July 29, 2017

දිය සිඳී ගිය ඇරල් මුහුද







කාලයකට පෙරදී උස්බෙකිස්තානය සහ කසකස්තානය අතර දේශ සීමාවේ පිහිටා තිබු ඇරල් මුහුද සක්‍රියව තිබියදී ලොව හතර වන විශාලතම ගොඩබිමෙන් වට වී ඇති මුහුද ලෙසද හැඳින්විය. වර්ෂ 1960දී  වර්ග සැතපුම් 26,000 පමණ වූ ඇරල් මුහුද ලංකාවට වඩා විශාල භුමි ප්‍රදේශයකි.ජලය කරදිය වූ නමුත් ලුණු අඩංගු වන්නේ සුළු ප්‍රමාණයකි.රුසියාව 1850 වර්ෂයන්හි යුද නැව්කීපයක්ම මුහුදේ ආරක්ෂව සඳහා යොදවා තිබී ඇත.1960 වර්ෂයේදී මෙහි ලජ පරිමාවේ වැඩිම උස මීටර් 68ක් වූ අතර අඩුම ස්ථානයේ උස මීටර 16ක් විය. එකල සෝවියට් රුසියාවේ හතරවැනි වැඩිම මාළු නිෂ්පාදනය වාර්තා වුයේ ඇරල් මුහුදෙනි.1954 පමණ සිට ඇරල් මුහුද සිඳී යන බව සෝවියට් දේශය දැන ගත්තද එය රැක ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.1960 වන විට සීඝ්‍රයෙන් වුවත් නිශ්ශබ්දව මුහුදේ ජලය සිඳී ගිය අතර රජය ඒ පිළිබඳව ගත් ක්‍රියාමාර්ග කිසිවක් මුහුදේ විනාශය නතර කිරීමට තරම් ප්‍රමාණවත් නොවිණි.වර්ෂ 1918 සිට 1950 කාල සීමාවේදී ඇරල් මුහුදෙන් ගලා ගිය විශාල ගංගා දෙක හරහා ඇළ මාර්ග ගණනක් ඉදිකර කාන්තාර ප්‍රදේශයේ කපු වගා කිරීමට ජලය හරවන ලද අතර මේ නිසා අක්කර මිලියන ගණනක කපු, කොමඩු සහ වෙනත් වගාවන් කිරීමද සිදු විය.1960 වන විට තවත් විශාල ඇළ මාර්ග ඉදි වූ අතර ඒවා ඉතා දුර්වල නිමැවුම් විය.කෙසේ වුවද මෙහි විශාල ජල කඳ කිලෝමීටර් 650 ක දුරින් පිහිටි ඉරානයේ සහ ඇෆ්ගනිස්ථානයේ උතුරු ප්‍රදේශයේ ජනයා ප්‍රයෝජනයට ගෙන ඇත.ජලය ඉතා සීමිත වීම සහ විස සහිත වැලි කුණාටු හේතුවෙන් කිලෝමීටර්  850ක් දිග වූ අමු ඩාරියා ගඟ දැනට සිඳී ගොස් පවුල් දහස් ගණනක් වාසය කළ ඒ අවට සුළු පිරිස ඉතිරි වී ඇත.ස්ටාලින් හා පසුව සෝවියට් රුසියාව පාලනය කළ කොමියුනිස්ට් පාලකයන් කපු වගාවෙන් ස්වයංපෝෂිත වීමට තිබු කෑදරකම හේතුකොට ගෙන ලැබුණ අපනයන ලාභය සොබාදහම කිසිවක් ඉතිරි නොකොට දියකර ඇත.අනුවණ ආකාරයට විශාල ජල මාර්ග ඉදිකිරිම නිසා විනාශය සිදු වී ඇත.උස්බෙකිස්තාන් ජනයා හට මේ මුහුද අතුරුදහන් වීම කිසිසේත්ම දරාගත නොහැකි වී ඇත.එයට හොඳම නිදසුන වන්නේ ඔවුන් තැන තැන පුවරු ඉදිකර ඒවායේ “ ඇරල් සමාවෙන්න, “ නැවත අප වෙත එන්න” ,ඇරල්ට නැවත පණ ලැබේවා” යනුවෙන් සඳහන් කර ඇත. මසුන් වර්ග 37ක් ඇතුළු බොහෝ ජීවින් රැසකට වාසස්ථාන වූ ඇරල් මුහුද අද සම්පුර්ණයෙන්ම කාන්තාරයකි. මෙම විනාශය 1980 දී සෝවියට් රුසියාවේ සිදු වූ කොලයේ විශාලතම න්‍යෂ්ටික පිපිරුමට වඩා වැඩි ඛේදවාචකයක් බවද ඇතැම් විද්වතුන් සඳහන් කරයි.මුහුදට  ගලා නොගිය මෙම ඇරල් මුහුදේ ජලය අධිකව පාවිච්චි කර නාස්ති කිරීමේ පල විපාක එම රටවල අත්විඳීමට සිදුව ඇත.


උපුටා ගැනීමකි.

1 comment: