Saturday, July 29, 2017

දිය සිඳී ගිය ඇරල් මුහුද







කාලයකට පෙරදී උස්බෙකිස්තානය සහ කසකස්තානය අතර දේශ සීමාවේ පිහිටා තිබු ඇරල් මුහුද සක්‍රියව තිබියදී ලොව හතර වන විශාලතම ගොඩබිමෙන් වට වී ඇති මුහුද ලෙසද හැඳින්විය. වර්ෂ 1960දී  වර්ග සැතපුම් 26,000 පමණ වූ ඇරල් මුහුද ලංකාවට වඩා විශාල භුමි ප්‍රදේශයකි.ජලය කරදිය වූ නමුත් ලුණු අඩංගු වන්නේ සුළු ප්‍රමාණයකි.රුසියාව 1850 වර්ෂයන්හි යුද නැව්කීපයක්ම මුහුදේ ආරක්ෂව සඳහා යොදවා තිබී ඇත.1960 වර්ෂයේදී මෙහි ලජ පරිමාවේ වැඩිම උස මීටර් 68ක් වූ අතර අඩුම ස්ථානයේ උස මීටර 16ක් විය. එකල සෝවියට් රුසියාවේ හතරවැනි වැඩිම මාළු නිෂ්පාදනය වාර්තා වුයේ ඇරල් මුහුදෙනි.1954 පමණ සිට ඇරල් මුහුද සිඳී යන බව සෝවියට් දේශය දැන ගත්තද එය රැක ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.1960 වන විට සීඝ්‍රයෙන් වුවත් නිශ්ශබ්දව මුහුදේ ජලය සිඳී ගිය අතර රජය ඒ පිළිබඳව ගත් ක්‍රියාමාර්ග කිසිවක් මුහුදේ විනාශය නතර කිරීමට තරම් ප්‍රමාණවත් නොවිණි.වර්ෂ 1918 සිට 1950 කාල සීමාවේදී ඇරල් මුහුදෙන් ගලා ගිය විශාල ගංගා දෙක හරහා ඇළ මාර්ග ගණනක් ඉදිකර කාන්තාර ප්‍රදේශයේ කපු වගා කිරීමට ජලය හරවන ලද අතර මේ නිසා අක්කර මිලියන ගණනක කපු, කොමඩු සහ වෙනත් වගාවන් කිරීමද සිදු විය.1960 වන විට තවත් විශාල ඇළ මාර්ග ඉදි වූ අතර ඒවා ඉතා දුර්වල නිමැවුම් විය.කෙසේ වුවද මෙහි විශාල ජල කඳ කිලෝමීටර් 650 ක දුරින් පිහිටි ඉරානයේ සහ ඇෆ්ගනිස්ථානයේ උතුරු ප්‍රදේශයේ ජනයා ප්‍රයෝජනයට ගෙන ඇත.ජලය ඉතා සීමිත වීම සහ විස සහිත වැලි කුණාටු හේතුවෙන් කිලෝමීටර්  850ක් දිග වූ අමු ඩාරියා ගඟ දැනට සිඳී ගොස් පවුල් දහස් ගණනක් වාසය කළ ඒ අවට සුළු පිරිස ඉතිරි වී ඇත.ස්ටාලින් හා පසුව සෝවියට් රුසියාව පාලනය කළ කොමියුනිස්ට් පාලකයන් කපු වගාවෙන් ස්වයංපෝෂිත වීමට තිබු කෑදරකම හේතුකොට ගෙන ලැබුණ අපනයන ලාභය සොබාදහම කිසිවක් ඉතිරි නොකොට දියකර ඇත.අනුවණ ආකාරයට විශාල ජල මාර්ග ඉදිකිරිම නිසා විනාශය සිදු වී ඇත.උස්බෙකිස්තාන් ජනයා හට මේ මුහුද අතුරුදහන් වීම කිසිසේත්ම දරාගත නොහැකි වී ඇත.එයට හොඳම නිදසුන වන්නේ ඔවුන් තැන තැන පුවරු ඉදිකර ඒවායේ “ ඇරල් සමාවෙන්න, “ නැවත අප වෙත එන්න” ,ඇරල්ට නැවත පණ ලැබේවා” යනුවෙන් සඳහන් කර ඇත. මසුන් වර්ග 37ක් ඇතුළු බොහෝ ජීවින් රැසකට වාසස්ථාන වූ ඇරල් මුහුද අද සම්පුර්ණයෙන්ම කාන්තාරයකි. මෙම විනාශය 1980 දී සෝවියට් රුසියාවේ සිදු වූ කොලයේ විශාලතම න්‍යෂ්ටික පිපිරුමට වඩා වැඩි ඛේදවාචකයක් බවද ඇතැම් විද්වතුන් සඳහන් කරයි.මුහුදට  ගලා නොගිය මෙම ඇරල් මුහුදේ ජලය අධිකව පාවිච්චි කර නාස්ති කිරීමේ පල විපාක එම රටවල අත්විඳීමට සිදුව ඇත.


උපුටා ගැනීමකි.

Wednesday, July 26, 2017

උපාධිය

                                              

     කරපු දේකුත් නැති
කරගත්තු දෙයකුත් නැති
ඉවරයකුත් නැති
පසුතැවීමක් ඇති
සතුටක් ද නොමැති
හිස්කමක් ඇති
අරමුණක් නැති
                             විඳවීමක් ඇති
                            ජිවිතයක් නැති
                              සටනකි.

Thursday, July 20, 2017

නොදුටු හිට්ලර්





ජර්මනියේ පාලකයාව සිටි ඇඩොල්ෆ්ට් හිට්ලර් වරක් ඉතාලියේ සංචාරයකට යාමට සිදුවිය. ඒ සඳහා ඔහුට ආරාධනා කොට තිබුණේ ඉතාලියේ තුන්වන වික්ටර් එම්මැනුවල් රජු විසිනි.හිට්ලර්ගේ ජර්මන් රජය සහ ඉතාලියේ බෙනිටෝ  මුසොලිනිගේ පැසිස්ට් රජය අතර වන සබඳතා ද එවකට  ඉහලින් පැවතුණි. මේ ඉතාලි සංචාරය 1938 දී සිදුවූවක් වූ අතර එවකට දෙවන ලෝක යුද්ධය ඇරඹි නොතිබිණ. ජර්මනිය ආසන්නයේ ඇති යුරෝපා රටවල හිට්ලර්ගේ සංචාර සාමාන්‍යයෙන්  සිදු වුයේ දුම්රිය මගිනි.මෙවැනි විදේශ සංචාර සඳහා හිට්ලර් විශේෂ දුම්රියක් භාවිතයට ගෙන තිබුණේය. සිය ඉතාලි සංචාරයට සමීප ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරින් ද සහභාගී කර ගැනීමට හිට්ලර් උත්සුක විය.ඉතාලියේ රෝම දුම්රිය ස්ථානයට ආසන්න වෙමින් තිබියදී ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරින්ද, දුම්රියේ තමාගේ විශේෂ මැදිරියකට හිට්ලර් විසින් කැඳවනු ලැබිය. ඒ විශේෂ උපදේශයක් දීම සඳහාය.ඇමතිවරුන් සහ නිලධාරීන් හමුවූ  හිට්ලර් ඔවුනට මෙසේ කිවේය.

“දැන් රෝම දුම්රියපොළේ අපව පිළිගන්න විට පදක්කම් වලින් කබාය පුරවගත්තු කොට පුද්ගලයෙක් දකින්න පුළුවන් වෙයි. කවුරුත් එයාට හිනාවෙන්න එහෙම එපා.එයා තමයි වික්ටර් එම්මැනුවල් රජ්ජුරුවෝ.මං හිතන්නේ ලෝකයේ කොටම රජ්ජුරුවෝ එයා වෙන්නට ඕනෑ.’’

තවත් වරක් හිට්ලර් සිය පෙම්වතිය වූ ඊවා බ්‍රෝන් සමඟ චිත්‍ර කලාව ගැන කථා කරමින් සිටියේය. ඔහු ද  මුල් යුගයේ චිත්‍ර ශිල්පය ප්‍රගුණ කළේය. එහිදී ඊවා බ්‍රෝන් මෙසේ කීවාය
.
“වඩා හොඳ සිතුවම් ඇතුලත් කලාගාරයක් ඇති කිරීමට ඔබ උනන්දු නොවන්නේ ඇයි ? කලාගාරයක් ඇති කළොත් හොඳයි. එත් ඊට චිත්‍ර ලබාදීමට ඒවා නිර්මාණය කළ චිත්‍ර ශිල්පීන් කැමති විය යුතුය. ඉතින් ඔබට පුළුවන්නේ කලාගාරයට චිත්‍ර ලබා දෙන්න කියා ඔවුනට නියෝග කරන්න.”

හිට්ලර් එයට පිළිතුරු දුන්නේ මෙසේය.

  “ මගේ කලාගරයට චිත්‍ර ලබා දෙන්න කියා චිත්‍රශිල්පින්ට  නියෝග දෙන්න මට බැහැ. මං කොහොමද බලෙන් චිත්‍ර ගෙන්වා ගන්නේ.ඔවුන් ඒවා දෙන්න ඕන කැමැත්තෙන්. කැමති නැත්නම් මං මොනවා කරන්නද ?

මේ කාලය වන විට හිට්ලර් ලෝකයේ රටවල් රැසක් යටත් කරගනිමින් සිටි වකවානුවක් වුවද තමාගේ කලාගාරයට චිත්‍ර ශිල්පීන්ගෙන් බලහත්කාරයෙන් චිත්‍ර ලබාගැනීමට ඔහු අකමැති විය. හිට්ලර්ගේ චරිතය විමසීමේදී හරි හෝ වැරදි වුවද රට පිළිබඳ විනා සිය පෞද්ගලිකත්වය ගැන අවධානයක් යොමු කර නැති බව පෙනේ. තවත් වරක ඊවා බ්‍රෝන් යම් දෙයකට හිට්ලර් සමඟ  ඔට්ටුවක් ඇල්ලීමට සුදානම් වුවාය. ඊට හිට්ලර් පිළිතුරු දුන්නේ මෙසේය.

“මං කැමැති නැහැ  ඔයා එක්ක ඔට්ටු අල්ලන්න.මොකද ඔයා පැරදුනොත් ඔයා මට ගෙවන්න වෙන මුදලුත් දෙන්න වෙන්නේ මටමනේ.”

දෙවන ලෝක යුද්ධය දරුණු අන්දමින් පැතිර යමින් තිබියදී සෑම සැන්දෑවකම සිය ඇමතිවරුන් යුද නිලධාරීන් සහ හිතවතුන් පිරිවරා කොපි පානය කිරීමට හිට්ලර් කැමැත්තක් දැක්විය.මෙවැනි අවස්ථාවක හිට්ලර් මෙසේ කිවේය.

“මාව පිළිගන්න තියෙන උත්සව වලට පොඩි ළමයින් ගෙන්වනවාට මම කැමති නැහැ.අපේ හතුරෝ මාව ඉලක්ක කරලා පහර දුන්නොත් ඒ පොඩි ළමයි අනතුරට පත්වෙන්න පුළුවන්.”

හිට්ලර්ගේ අවසාන පෞද්ගලික ලේකම්වරිය වූ ට්‍රවුඩ් යුන්ග් සිය චරිතාපදානය ලියමින් සඳහන් කර ඇත්තේ පුද්ගලයෙකු ලෙස හිට්ලර් සිය නිලධාරීන්ට කාරුණිකව සැලකු බවය.කාන්තවන් කෙරේ නිසි ගරුත්වයක් ඔහු ලබා දුන් බව ඇය පවසා ඇත.පෞද්ගලික ප්‍රයෝජනය සඳහා සිය නිලබලය කිසි දිනක හිට්ලර් විසින් යොදා නැති බව ඇය සඳහන් කර තිබේ.සිය දීර්ඝ කාලීන පෙම්වතිය වූ ඊවා බ්‍රෝන් මියයාමට පෙර විවාහ කර ගැනීමට ඔහු තීරණය කළේ හිට්ලර්ගේ අනියම් බිරිඳ ලෙස ඉතිහාසයේ සඳහන් වීම වැලැක්වීම සඳහාය. ඊවා බ්‍රෝන් හිට්ලර් සමඟ 1945 අප්‍රේල් 30 දින දිවි නසගනු ලැබුවේ හිට්ලර් මහත්මිය ලෙසින් නැතහොත් ඔහුගේ නිත්‍යානුකුල බිරිඳ ලෙසය.



Wednesday, July 19, 2017

තේ දල්ලේ රස කතාව






සමහරු කෙට්ටු වෙන්න ග්‍රීන් ටී බොනවා. සමහරු බ්ලැක් ටී බොනවා. ගෙදරට   අමුත්තෙක් ආවහම අපි කතාව පටන් ගන්නේ තේ එකක් බොන ගමන්.හැබැයි අපි දන්නවාද  මේ තේ මොනවද කියලා. තේ කෝප්පය පිටිපස්සේ  ඒ රසයට, සුවඳට වහ වැටිච්ච තේ සමාජයක් ඉන්නවා. ඒත් මේ තේ දල්ලේ සංයුතියේ රහස හමු වෙලා තියෙන්නේ නම් ළඟදී. චීන උද්භිද විද්‍යාඥයන් පිරිසක් තමයි මේ රහස හොයා ගෙන තියෙන්නේ. Camellia Sinensis කුලයට අයත් තේ ගස්වලින් ගන්න දල්ලෙන් සුදු තේ, කහ තේ, හරිත තේ, ඌ ලෝන්ග් තේ, කළු තේ හා මුදුන් තේ කියලා වර්ග 6ක් නිෂ්පාදනය කරනවා.ඒ වගේම ඒ තේ වර්ග හයටම වෙනම සුවඳක්, රසක්,පාටක් තියෙනවා.ඒ  ඒ රස ඇති වෙන්නේ සුවිශේෂී රස උත්පාදනය කෙරෙන රසායනික සංයුතීන් නිසයි. එක තේ කොළයක රස ගොඩක් තිබේ.ඒ රසවල ජාන පදනම තමයි කුන්වින් උද්භිද විද්‍යාලයේ  ජාන විශේෂඥ මහාචාර්ය ලිෂි ගාඕ මහතා හොයනන පටන් ගෙන තියෙන්නේ. Camellia කියන උද්භිද නාමයෙන් තේ කුලයේ පැළෑටි 100ක් විතර තියෙන බව මහාචාර්ය ලිෂි ගාඕ මහතා ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි වාණිජ මට්ටමේ තේ නිෂ්පාදනය සඳහා යොදා ගන්නේ Camellia Sinensis විතරයිලු. තේ රස රහස හොයන කොට තේ වලටම ආවේනික ප්‍රබල රසායන වර්ග සොයාගෙන තියෙනවා වගේම “කැෆේන්” තේ ගසේ ද  රසායන වර්ග   හොයා ගන්න සමත් වූ බවයි  මහාචාර්ය පවසන්නේ. චීන විද්‍යාඥයන් විසින් සිදු කරපු මේ පර්යේෂණය තේ නිපැයුම්කරුවන්ට විශාල බලපෑමක් කියලා තමයි බ්‍රිතාන්‍යයේ “ කිව්‍ ගාර්ධන් ”රාජකීය උද්භිද උද්‍යානයේ විද්‍යා විෂය භාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා ආචාර්ය මොනික් සිපොන්චිස් මහත්මිය කියන්නේ.කොහොම උණත් චීනයේ මේ පරීක්ෂණයට අවුරුදු 5ක් ගතවෙලා තියෙනවා.DNA අණු කෝටි තුන්සීයක් පරික්ෂා කරලා බලනකොට තමයි තේ ගසේ  ජාන කෝපි ගහේ ජානවලට  වඩා ප්‍රමාණය අතින් සිවු ගුණයක් විශාලයි කියලා හොයාගෙන තියෙන්නේ. විද්‍යාගාර තුළ විස්සකට අධික පැළෑටි ජාන බද්ධ ඒවා එකට ගොනු කරලා කරපු පර්යේෂණ වලින් හොයාගෙන තියෙන දෙයක් තමයි තේ ගස් වල තියෙන ජාන ඉතා ශක්තිමත් බව. මුල්ම තේ ජානමය බද්ධ කිරීම සිදුවෙලා තියෙන්නේ මීට අවුරුදු පහළොවකට පමණ පෙරයි.එත් මේ  කරපු පරීක්ෂණයත් එක්කම, මේ පරික්ෂණයෙන් ලබාගත් දේවල් වලින් පැළෑටි අභිජනනය කරන අයට හොඳ  පිළිතුරක් ලැබිලා තියෙනවා කියලත් ඔවුන් කියනවා.