දසමාසයක් කුස තුළ දරාගෙන බොහෝ කම්කටළු වේදනාවන්
ඔස්සේ අපව මෙලොවට බිහිකරන්නට ඇය ගන්නා උත්සාහය සමාන කිරීමට ලොව මෙතෙක් කිසිදු
දෙයක් බිහිවී නොමැත.එය එතරම් උත්තරීතර වූ කාර්යක් වීම ඊට හේතුවයි. කතාවට කියන්නේද
“ අම්මා කියන්නේ කවුද කියලා දැන ගන්නනම්
අම්මා කෙනෙක් විය යුතුමයි” කියලයි.මන්ද ඒ
උත්තරීතර පදවියේ වටිනාකම බාහිරින් මැන බැලීමට නොහැකි නිසයි. දරුවෙකු මෙලොවට බිහි
කලායින් පසුව තම දරුවන් කෙරෙහි ඇය තුල ඇතිවෙන අසීමිත ආදරය, සෙනෙහස කෙතරම්ද කීමට
අපට නොහැකිය.එය මුළු හදවතින්ම පමණක් නොව
ලේ, මස්, නහර ,ඇටමිදුළු වල පවා රෝපිතව පවතී.මෙලොව උපන් දරුවාගේ අනාගතය වෙනුවෙන්
මව්වරුන් කැපවන්නේ අසීමිත බලාපොරොත්තු රැසක් සමඟිනි.කුමන ආර්ථික මට්ටම් ,පවුල්
පසුබිම් ,තරාතිරම් වල සිටියද තම දරුවාට යහපත් වූ අනාගතයක් සකස් කිරීමට ඇය ගන්නා
උත්සාහය අසීමිතය.පියවරුන් දරුවන් පිළිබඳ නොබලනවා යන්න මෙයින් අදහස් නොකෙරේ.එමෙන්ම
මවුවරුන් අතරේද දරුවන් කෙරෙහි තම හද තුළ සෙනෙහසක්, දයාවක් ඇති නොවන අයද නොසිටිනවාම
නොවෙයි.සමස්තයක් වශයෙන් ගත්කල මව්වරුන් තම දරුවන්ගේ යහපත වෙනුවෙන් ජිවිත කාලයේ වැඩි කාලයක් කැපකරමින්
සිටියි.
මෙවන් වූ මෙහෙවරක නිරත වන අපේ මව්වරුන් වෙනුවෙන්
එක් දිනක් පමණක් වෙන් කිරීම සදාරණද? එක් දිනකට පමණක් සීමා නොකර සැමදා තම මව්වරුන්
පියවරුන් වෙනුවෙන් කාලය යෙදවීම සාදාරණ නොවන්නේද? ඔවුන් තම දරුවන් රැක බලාගෙන
සමාජයේ සාර්ථක තැනකට ගෙන ඒමට ගන්නා උත්සාහයට කෘතගුණ සලකන්නට එක් දිනක් කෙසේ වත් ප්‍රමාණවත්
නොවේ.සැමදා ඒ වෙනුවෙන් කැපවීම දරුවන් වන අපගේ යුතුකමකි.මව්වරුන් පමණක් නොව පියවරුන්ද අපගේ දෙවිවරුන් වේ.ඔවුන්
වියපත් වන විට මහමඟ දමා යෑම නොව කල යුතු වන්නේ.මහා මන්දිර යානවාහන කොපමණ තිබුණද ඔවුන්ව වැඩිහිටි නිවාසයේ තනිකිරීම
නොව කලයුතු වන්නේ. ඔවුන්ව රැක බලාගෙන
සතුටින් ජිවත් වීමට සුදුසු පරිසරයක් සකස් කිරීම දරුවන් වන අපගේ යුතුකමයි.
ආදරය.කරුණාව,දයාව පිරි නැමිය යුතුයි.ඔවුන්ව
හුදකලා නොකළ යුතුයි.මව්වරුන්ගේ දිනය එක් දිනකට පමණක් සිමා නොකර සැමදා
මව්වරුන් වෙනුවෙන් කැප විය යුතුයි. එය දරුවන් වශයෙන් මව්වරුන් වෙනුවෙන් කලහැකි
ඉතාම සරල වූ කර්තව්‍යයකි .
ammawarun hemadama danuwan wenuwen kepawenawa...dinayak wen karanna onnnaaaa...
ReplyDelete