බෝනික්කන්
කියන්නේ කුඩා දරුවන් සෙල්ලම් කිරීම සඳහා යොදා ගන්නා භාණ්ඩයක් ලෙස අප කවුරුත් හොදා
කාරවම දන්නා කරුණකි. ඉතා අලංකාර විවිධ වර්ගයේ බෝනික්කන් සැම රටකම පාහේ නිෂ්පාදනය
කෙරේ. මේ කියන්න යන්නේ ඊට වඩා වෙනස්ම කතාවක්
.
මෙක්සිකෝවේ අගනගරය වන මෙක්සිකෝ නගරයේ (Mexico City) දකුණු පැත්තට වෙන්න Xochimilco නමින් හැඳින්වෙන පළාතක තමයි මේ කතාව
වෙන්නේ. මඩ වගුරු පුංචි දුපත් වලින් ගහන
මේ පළාත ලෝකෙම ප්රසිද්ධ වෙලා තියෙන්නේ බෝනික්කන්ගේ දිවයින එහෙම නැත්තනම් The Island of the Dolls කියන සුවිශේෂී නමින්.
‘ අතීතයේ දවසක මේ දුපතේ පදිංචි වෙලා ඉදලා තියනවා ජුලියන් සන්ටානා කියලා
පුද්ගලයෙක්.දුපතේ හුදකලාව ජිවත් වුනු ජුලියන්ට දවසක් මඩ වගුරක තිබිල පුංචි
දැරියකගේ මළ සිරුරක් හම්බ වෙලා තියෙනවා.දැරියගේ සිරුර හමුවීමත් සමග දැඩි ලෙස කම්පා
වෙන ජුලියන් මළ සිරුර සමග පාවෙමින් තිබූ ඇගේ බෝනික්කා අසල ගසක එල්ලා තබනවා’
දුපත හා බැඳුණු පුරාවෘත්තයට අනුව එලෙස දැරියගේ බෝනික්කා ගසේ එල්ලීමෙන්
අනතුරුව මිය ගිය දැරියගේ ආත්මය ජූලියන්ට වධ දෙන්නට පටන් ගෙන තිබේ . එයින් සැනසීමක්
ලබන්න ඔහු කර ඇත්තේ දුපත පුරාම බෝනික්කන් සහ බෝනික්කන්ගේ කොටස් එල්ලා
තැබීමයි. ජූලියන් මේ දේට කොච්චර ඇබ්බැහි උනාද කියනවනම් දූපතේ භෝග වග කර ලැබෙන
මුදලින් පවා ඔහු බෝනික්කන් මිලදී ගෙන උමතුවෙන් මෙන් දූපත පුරාම බෝනික්කන් එල්ලන්න පටන් ගෙන තිබේ.
2001 වර්ෂයේ ජූලියන් අභිරහස් අන්දමින්
මිය ගොස් ඇත . ඔහු මිය යන්නෙත් දියේ ගිලීමෙන්, දැරියගේ මළ සිරුර හමුවූ ස්ථානයේමයි. බොහෝ දෙන පවසන්නේ දුපතේ
බෝනික්කන්ට අරක්ගෙන සිටින භූතාත්මය විසින් ජූලියන් මරා දමන්නට ඇති බවයි. ඊට පසුව ජූලියන් නොමැතිව හුදෙකලා වූ මේ දුපතට අඩිය
තියන්න ඒ පළාතේ මිනිස්සු බොහොමයක් දෙනා බිය වී ඇත. එකට හේතුව මේ විරූපී බෝනික්කන්ට
රාත්රී කාලයේදී පණ එන බවට ඔවුන් විශ්වාස කිරීමයි.
පසු කලෙක එක්කෙනා දෙන්න මේ දුපතට යන්න ගත්තට පස්සේ
ගොඩක් දෙනා දුපත නරඹන්නට ගොස්ය . හැබැයි ඒ යන කට්ටියත් නිකන් ඉඳලා නැහැ. එයාලත් මේ
දුපතේ විරූපී බෝනික්කෝ එල්ලන්න පටන් අරන්. කොහොමහරි දැන් දස දහස් ගානක් බෝනික්කෝ
මේ දුපතේ ගස් වල වැටවල් වල එල්ලිලා ඉන්නවා දැක ගන්න පුළුවන් බව යන පිරිස් පවසනවලු.
ඒ ඔක්කොම බෝනික්කන්ගේ තියෙන්නේ මහා විරූපී අත්භූත පෙනුමක්ලු . ඒ නිසා මේ දුපත
ලෝකයේ වඩාත් භයංකර ස්ථානයක් ලෙස ප්රසිද්ධියට
පත් වී තිබෙන බව ඔවුන් පවසයි.
Nice..
ReplyDeletethanks dr
Delete