Wednesday, June 14, 2017

වගකිවයුත්තෝ කවුරුන්ද ?





     අප රටේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන්  සිදු වූ ඛේදවාචකයන් පිළිබඳ ඔබට අමුතුවෙන් කිවයුතු නැත. මා හට මෙන්ම ඔබටද ඒ පිළිබඳ අත්දැකීම් විඳ ගැනීමට අවස්ථාව ලැබුණු බව හොඳාකාරවම දනිමි. ඔබ ඒ ඛේදවාචකයට මුහුණ පෑ අයෙකු විය හැකිය. ඒ සේ නැතහොත් අන්තර්ජාලය, රූපවාහිනිය ගුවන්විදුලිය සහ පුවත්පත් වලින් දැන ගත්තා විය හැකිය. ඒ කෙසේ හෝ මා මෙන්ම ඔබද මෙහි කොටස්කරුවන් වී හමාරය.

     වර්ෂයේ ආරම්භයත් සමඟ මෙරටට සිදුවූ ව්‍යසනයන් කාගේ ශාපයකට වුවා දැයි නිගමනයකට ඒමට නොහැක.කඳු නායයෑම් නිසා කොපමණ පිරිසකගේ ජිවිත අහිමි වුවාද ? තවත් පිරිසකට බීමටවත් වතුර පොදක් නැතිව පිපාසයෙන් කල් ගෙව්වද ? කන්න යමක් සොයා ගන්න බැරිව කුඹුරු කර ගන්න වතුර අ පොදක් නැතිව රටේ එක්  පෙදෙසක්ම වැස්ස එනකල් හුල්ලමින් බලා සිටියා නොවේද ? ළඟම සිදුවීම වූ ප්‍රදේශ කීපයකට බල පෑ ගංවතුර හේතුවෙන් සිදු වූ ඛේදවාචකයන් ගණනය කිරීමට පවා නොහැකිය. මෙවන් වූ ස්වභාවික විපත් රාශියක් මේ වර්ෂයේ මුල සිටම ම මෙන්ම ඔබද අත් විඳින්නට වූ වා සැක නැත. මේ ව්‍යසනයන්ගෙන් කොපමණ නම් ජිවිත ප්‍රමාණයක් බිලි ගත්තද ? ඒ ජිවිත තුල තිබු අනාගත අපේක්ෂාවන් අරමුණු නම් කොතෙක් වන්නට ඇත්තද?  දරුවන්ට දෙමාපියන්, දෙමාපියන්ට දරුවන් කොපමණ නම් අහිමි වන්නට ඇතිද ? නැතහොත් මුළු පවුලම මාරයා විසින් රැගෙන යන්නට විය. අවුරුදු කිපයකයට කලින් ඇති වූ සුනාමි ව්‍යසනය එයට කදිම සාක්ෂියකි.

     මෙය කගේ ශාපයක්ද ? ස්වභාවදහම මෙතරම් ආමනුෂියා වන්නේ මිනිසුන්ගේම නොසැලකිලිමත් ක්‍රියාකලාපයන් නිසා නොවේද කියා ඒ පිළිබඳ ගැඹුරින් සිතනවානම් එහි සත්‍යතාවයක්ද පවතී. මිනිසුන්ගේ  ක්‍රියාකාරකම් ඍජුව මෙන්ම වක්‍රවද මේ ව්‍යසනයන්ට දායක වී තිබේ. ඉඩම් ගොඩ කිරීම, ගස් කපා දැමීම ,අනවසර ඉදි කිරීම්, විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට එකතු කිරීම, අක්‍රමවත් අප ද්‍රව්‍ය බැහැර කිරීම,ආදී ලෙස මිනිසාගේ ක්‍රියා කලාපයන් ගේ ප්‍රතිවිපාක ලෙස ස්වභවධර්මය විසින් අපට දඬුවම් කරනවා යැයි කෙනෙකුට සිතීමටද පුළුවනි. එහි සත්‍යතාත්වයක්ද පවතියි.

     ස්වභාවධර්මය යනු චක්‍රයකි. හිරු එලිය,පස ,ජලය සහ වාතය එහි ප්‍රධාන සංඝටක වේ. මෙම සංඝටක සමබරතවයකින් යුතුව චක්‍රයකට අනුව ක්‍රියාත්මක වේ.එම චක්‍රයේ ක්‍රියාකාරිත්වයට හානි වන අයුරින් යම් ක්‍රියාකාරකම් සිදුවුවහොත් එම චක්‍රයේ සමතුලිතතාවය බිඳ වැටේ.එහි ප්‍රතිපලයක් ලෙස පරිසරය තුළ හානිකර තත්වයක් හෝ ව්‍යසනයක් ඇති වීමට ඇති ඉඩකඩ වැඩිය. ගංවතුර,නායයෑම්,නියඟය වැනි අවස්ථාවන් උදාහරණ ලෙස දැක්වීමට පුළුවන.මේ ව්‍යසනයන්ට ස්වභාව ධර්මයට ශාප කිරීමෙන් පලක් නොමැත. ස්වභාවධර්මය හැඩ ගැසෙන්නේ  ජිවන චක්‍රයට අනුවය. මිනිසාගේ අධම නොසැලකිලිමත් ක්‍රියාකාරකම් මේ ව්‍යසනයන්ට ඍජුව මෙන්ම වක්‍ර ආකරයෙන්ද බලපෑම් කරනු ලබයි.මෙයට වගකියයුත්තෝ සේවිමේදී වැඩි බරක් මිනිසාටද හිමිවේ. ස්වාභවධර්මය අපට ලැබුණු මිල කල නොහැකි අගනා දායාදයකි. එය විනාශකිරීමෙන් වන්නේ මිනිසගේද විනාශය ලඟා කර ගැනීමයි. එය රැක ගැනීම ඔබගේ මෙන්ම මගේ ද යුතුකමකි.වගකීමකි. එකීනෙකාට චෝදනා කිරීමෙන් පලක් වන්නේ නැත.

                                                                                                             

2 comments: