Friday, July 14, 2017

මාදුගං කොමළිය





දුපත්වලින් සමන්විත ගංගා අතරින් වැඩිම දුපත් සංඛ්‍යාවක් තිබෙන එකම ගංගාවක් වන්නේ බළපිටියේ සුන්දර මාදු නදිය පමණි.කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයට මායිම්ව බළපිටිය මැතිවරණ කොට්ඨාසයේම පමණක් මේ ගංගාව පිහිටා තිබෙන අතර එය දුපත් 32කින් සමන්විත වූ සුන්දර ගංගාවකි.සෞන්දර්යයෙන් පිරි මේ රමණිය ගංගාව පොල්අතුකන්දෙන් ආරම්භ වන බවට මතයක් පැවතියත් එය එතරම් විශ්වාස කළ නොහැකිය. මේ සුන්දර නදිය කලපුවක් බවට හඳුන්වන බවට ප්‍රදේශවාසීහු කියති.එසේම ජෛව විවිධත්වයෙන් හෙබි  මාදු ගඟ රැම්සා තෙත්බිමක් මෙන්ම අභය භූමියක් බවටත් නවීකරණය කර තිබේ. දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත්සිත් පැහැර ගැනීමට සමත් වූ මාදුගං කොමළියගේ විශාලතම දුපත වනුයේ මාදූවය.ග්‍රාම නිලධාරී වසමකින් සමන්විත මේ දුපතේ පවුල් 275ක් පමණ ජිවත් වෙති. පාසලක් උප තැපැල් කාර්යාලයක් පෙර පාසලක් විහාර ස්ථාන දෙකකින් මේ දුපත සමන්විත වේ. ඕමන්තේ පුඤ්ඤසාර හිමියන් එහි විහාරස්ථානධිපති ලෙස කටයුතු කරන අතර දන්ත ධාතුන් වහන්සේ සතුරන්ගෙන් ආරක්ෂා හැර ගැනීම සඳහා වැලිවලින් කොතක් සාදවා එහි ධාතුන් වහන්සේ තැන්පත් කරවා ආරක්ෂා කර ගත් බවද ඓතිහාසික තොරතුරු වල සඳහන් වේ. 

මහලදූව , කොත්දූව, නයිදූව, සතපහේ දූව, වදදූව , ගෝනදූව, මඩදූව, කටුදූව, තොත්දූව, විරලදූව, දිමිදූව, ගල්මන්දූව, අපලදූව, ඔවිලාන, පාතමුල්ල යන දූපත් රැසකින් මාදූව හැඩවැඩ වී ඇත.සාගරයක් හා සමාන මාදු ගඟ දුපත් 108කින් සමන්විත වුවත් ආනන්ද රාජකරුණා  මහතාගේ කවි පොතට දුපත් 64ක් තිබු බව ද සඳහන් වේ.   එම දුපත් 64න් ගල්මන්දූව, විරලදූව, මහලදූව,අප්පලදූව , වනදූව, ආදී දුපත් ජනාවාස බවට පත් වී ඇති අතර කඩොලාන, කිරල, ඕලු,මානෙල් ආදී තුරුලතාවන්ගෙන්ද හැඩ වැඩ වී ඇත. ශ්‍රී ලංකාවේ රසවත් ඉස්සන්,කකුළුවන් මාදු ගගේ පමණක් ජිවත්වන බවත් මගුරා,ලූලා,කොරලියා,වැලිගොයියා , පැරූටියා,තෙලියා හැඩොල්ලා, ආදී මත්ස්‍යයින්  වර්ග කීපයක්ම ගගේ ජිවත් වෙති.ලෝකයේ දුර්ලභ කඩොලාන ශාකය වන රන්මිල්ලා නමැති දුර්ලභ කඩොලාන ශාක විශේෂය පිහිටා තිබෙන්නේ පාතමුල්ල ඕවිලාන සුන්දර ගම්මානයේය.දැනට රනමිල්ලා ගස් 10ක් 12ක් පමණ ඉතිරි වී තිබෙන අතර ,රනමිල්ලා ගස් කීපයක ආරක්ෂා කර ගැනීමට විශ්වවිද්‍යාල කීපයක් පියවර ගෙන තිබේ.ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයක් දුපත් හරහා ගමන් කරනුයේ මාදු ගගේ පමණි. ඒ පාතමුල්ල හරහාය.අති රමණිය මේ ගංගාව විදේශීකයන්ගේ  සිත් පැහැර ගැනීමට සමත් වී තිබේ. එසේ වී ඇත්තේ දේශීය විදේශීය පක්ෂින් හා ජෛව විවිධත්වයෙන් යුක්ත නිසාය. මධු ගඟේ සංචාරකයන්ට කඩොලාන පද්ධතියෙන් වැසුණු බිම් ගෙවල් දෙකකින් ගමන් කිරීමට හැකි අතර මත්ස්‍ය තෙරපි මධ්‍යස්ථාන කිහියක්ද මාදු ගඟේ පිහිටා තිබේ. මධු ගඟ ආශ්‍රිතව කොහු කර්මාන්තයෙන් හා ධීවර කර්මාන්තයෙන් විශාල පිරිසක් ජිවත් වෙති. දිනපතා බෝට්ටු 200-300ක්  සංචාරකයන් රැගෙන යාත්‍රා කිරීම දුර්ලභ දර්ශනයක් වන අතර මාදු ගඟ වටා පාවෙන හෝටල් ඇතුළු විවිධ මට්ටමේ සංචාරක හෝටල් රැසක් ඉදිකර තිබීමෙන් සංචාරක පාරාදීසයක් බවට පත්ව තිබේ.


උපුටා ගැනීමකි.


                         
  








No comments:

Post a Comment