Friday, July 14, 2017

මාදුගං කොමළිය





දුපත්වලින් සමන්විත ගංගා අතරින් වැඩිම දුපත් සංඛ්‍යාවක් තිබෙන එකම ගංගාවක් වන්නේ බළපිටියේ සුන්දර මාදු නදිය පමණි.කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයට මායිම්ව බළපිටිය මැතිවරණ කොට්ඨාසයේම පමණක් මේ ගංගාව පිහිටා තිබෙන අතර එය දුපත් 32කින් සමන්විත වූ සුන්දර ගංගාවකි.සෞන්දර්යයෙන් පිරි මේ රමණිය ගංගාව පොල්අතුකන්දෙන් ආරම්භ වන බවට මතයක් පැවතියත් එය එතරම් විශ්වාස කළ නොහැකිය. මේ සුන්දර නදිය කලපුවක් බවට හඳුන්වන බවට ප්‍රදේශවාසීහු කියති.එසේම ජෛව විවිධත්වයෙන් හෙබි  මාදු ගඟ රැම්සා තෙත්බිමක් මෙන්ම අභය භූමියක් බවටත් නවීකරණය කර තිබේ. දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත්සිත් පැහැර ගැනීමට සමත් වූ මාදුගං කොමළියගේ විශාලතම දුපත වනුයේ මාදූවය.ග්‍රාම නිලධාරී වසමකින් සමන්විත මේ දුපතේ පවුල් 275ක් පමණ ජිවත් වෙති. පාසලක් උප තැපැල් කාර්යාලයක් පෙර පාසලක් විහාර ස්ථාන දෙකකින් මේ දුපත සමන්විත වේ. ඕමන්තේ පුඤ්ඤසාර හිමියන් එහි විහාරස්ථානධිපති ලෙස කටයුතු කරන අතර දන්ත ධාතුන් වහන්සේ සතුරන්ගෙන් ආරක්ෂා හැර ගැනීම සඳහා වැලිවලින් කොතක් සාදවා එහි ධාතුන් වහන්සේ තැන්පත් කරවා ආරක්ෂා කර ගත් බවද ඓතිහාසික තොරතුරු වල සඳහන් වේ. 

මහලදූව , කොත්දූව, නයිදූව, සතපහේ දූව, වදදූව , ගෝනදූව, මඩදූව, කටුදූව, තොත්දූව, විරලදූව, දිමිදූව, ගල්මන්දූව, අපලදූව, ඔවිලාන, පාතමුල්ල යන දූපත් රැසකින් මාදූව හැඩවැඩ වී ඇත.සාගරයක් හා සමාන මාදු ගඟ දුපත් 108කින් සමන්විත වුවත් ආනන්ද රාජකරුණා  මහතාගේ කවි පොතට දුපත් 64ක් තිබු බව ද සඳහන් වේ.   එම දුපත් 64න් ගල්මන්දූව, විරලදූව, මහලදූව,අප්පලදූව , වනදූව, ආදී දුපත් ජනාවාස බවට පත් වී ඇති අතර කඩොලාන, කිරල, ඕලු,මානෙල් ආදී තුරුලතාවන්ගෙන්ද හැඩ වැඩ වී ඇත. ශ්‍රී ලංකාවේ රසවත් ඉස්සන්,කකුළුවන් මාදු ගගේ පමණක් ජිවත්වන බවත් මගුරා,ලූලා,කොරලියා,වැලිගොයියා , පැරූටියා,තෙලියා හැඩොල්ලා, ආදී මත්ස්‍යයින්  වර්ග කීපයක්ම ගගේ ජිවත් වෙති.ලෝකයේ දුර්ලභ කඩොලාන ශාකය වන රන්මිල්ලා නමැති දුර්ලභ කඩොලාන ශාක විශේෂය පිහිටා තිබෙන්නේ පාතමුල්ල ඕවිලාන සුන්දර ගම්මානයේය.දැනට රනමිල්ලා ගස් 10ක් 12ක් පමණ ඉතිරි වී තිබෙන අතර ,රනමිල්ලා ගස් කීපයක ආරක්ෂා කර ගැනීමට විශ්වවිද්‍යාල කීපයක් පියවර ගෙන තිබේ.ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයක් දුපත් හරහා ගමන් කරනුයේ මාදු ගගේ පමණි. ඒ පාතමුල්ල හරහාය.අති රමණිය මේ ගංගාව විදේශීකයන්ගේ  සිත් පැහැර ගැනීමට සමත් වී තිබේ. එසේ වී ඇත්තේ දේශීය විදේශීය පක්ෂින් හා ජෛව විවිධත්වයෙන් යුක්ත නිසාය. මධු ගඟේ සංචාරකයන්ට කඩොලාන පද්ධතියෙන් වැසුණු බිම් ගෙවල් දෙකකින් ගමන් කිරීමට හැකි අතර මත්ස්‍ය තෙරපි මධ්‍යස්ථාන කිහියක්ද මාදු ගඟේ පිහිටා තිබේ. මධු ගඟ ආශ්‍රිතව කොහු කර්මාන්තයෙන් හා ධීවර කර්මාන්තයෙන් විශාල පිරිසක් ජිවත් වෙති. දිනපතා බෝට්ටු 200-300ක්  සංචාරකයන් රැගෙන යාත්‍රා කිරීම දුර්ලභ දර්ශනයක් වන අතර මාදු ගඟ වටා පාවෙන හෝටල් ඇතුළු විවිධ මට්ටමේ සංචාරක හෝටල් රැසක් ඉදිකර තිබීමෙන් සංචාරක පාරාදීසයක් බවට පත්ව තිබේ.


උපුටා ගැනීමකි.


                         
  








Friday, July 7, 2017

මහාකවි කාලිදාසයන්ගේ මේඝදූතය

  



ලෝකයේ ප්‍රථම සන්දේශ කාව්‍යය පිළිබඳ අපට අසන්නට ලැබෙනුයේ පුරාණ භාරතයෙනි.ඒ මහකවි කාලිදාසන්ගේ මේඝදූතය යි.එක් යක් සෙනවියකු විසින් සිය ප්‍රියව වෙත වලාවක් අත යවන ලද පෙම් පණිවිඩයක් ගැන කියැවෙන සංස්කෘත කාව්‍යයකි.මෙම කෘතිය මුල්ම සන්දේශ කාව්‍යය ලෙස සැලකෙන නමුත් පුරාණ චීන කවියෙකු වූ ක්‍රි:පු: 274 දී පමණ මිය ගිය වූ යුවාන් වලාවක් අත යැවූ පණිවිඩයක් ගැන ගයිල් නමැති පඬිවරයාගේ චීන ඉතිහාස සාහිත්‍යයේහි සඳහන් වෙයි.නමුත් සාහිත්‍ය අධ්‍යනය කරන්නන් අතර වැඩිපුර කතා බහට ලක් කෙරෙන්නේ මේඝදූතය මුල්ම සංදේශ කාව්‍යය බවයි. මේඝදූතයේ කතා පුවත සැකෙවින් මෙසේය.

“කුවේර නම් යක්ෂ නායකයාගේ මානස නම් පියුම් විලක් තිබුණි.මේ විලෙහි නෙළුම් මල් රැකීමට ළඟදි විවාපත් තරුණ යක්ෂයෙකුට භාර කොට තිබිණි.ඔහු තම තරුණ භාර්යාව පිළිබඳ නිතර සිත් බැදීමෙන් තමන්ට පැවරුණු රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට නොහැකි විය. මේ බව දැනගත් කුවේරයා යක්ෂයා පිළිබඳ වෛරී සිත් ඇති කරගනිමින් දිශාවන්ට අධිපති හස්ති සමුහයා ලවා ඔහුගේ පියුම් විලේ වූ මල් විනාශ කරවන ලදී. කෝපයට පත් කුවේරයා වසරක් මුළුල්ලේ තරුණ සෙන්පතියාට විරහා දුක විඳින්නට ශාප කරන ලදී.සිය  ප්‍රිය බිරියගෙන්  වියෝව සිත් තැවුලෙන් රාමගිරි පර්වතයෙහි සිටින යක් සෙනවියාට දිනක් තම හිසට උඩින් යන වලාවක් පෙනෙයි.ඔහු ඒ වලාව අමතා තම ප්‍රියාව වෙත පණිවිඩයක් යවයි. කාලිදාසයන් අතින් නොයෙකුත් වර්ණනා නමැති මසින් ලෙයින් පිරි දුත කාව්‍යයක් ලෙස මේඝදූතය හැඳින්වීමට පුළුවනි.”
පෞද්ගලික අත්දැකීමක් ආශ්‍රය කොට ගෙන ප්‍රතිනිර්මාණය කරන ලදැයි සිතිය හැකි මෙම කතා ප්‍රවෘත්තිය ඉතා රමණිය කාව්‍යයක් වන්නේ මෙම කාව්‍යය පුරාම හෘදයාංග භාවය පිරි පවතින නිසාය.කාව්‍යයයේ මුලික රසය වූ ශෘංගාරය මුළු කෘතිය පුරාම ඉතා සංයමයෙන් ඉදිරිපත් කොට ඇත.නදියක්, පර්වතයක් හෝ අන් කවර වස්තුවක් වර්ණනා කරනු ලැබුවත් කාව්‍යයේ මුලික රසයටත් ආකෘතියටත් බාධාවක් නොවන පරිද්දෙන් කාව්‍යයේ ආත්මය සමඟ බැඳී පවතින්නේ ශාරීරික අවයවයන් පරිද්දෙනි.ඒ පිළිබඳ යක් බිරිඳගේ ශෝකි ස්වභාවය සහ ඇහේ සිරුරේ විලාශය කාලිදාසයන් සින්ධු නදී වර්ණනාවට  එක් කොට ඇත්තේ ඉතා රමණිය ලෙසය.

“ සිදී ගිය දිය දහරින්
සිහින් කොට ගෙතුණු වරලසෙක සැටි පෑ
ඉවුරෙහි තුරු පෙළින් හොත් පරඬලායෙන්
පඬු පෑ රැගත්

සින්ධු නදිය,
ඇයගේ විරහ විලස් නිසා
පින්වත

( නිර්වින්ද්‍යා හැරී යෙන ) ඔබේ
පින්වත් බව පසක් කරාවි.
ඇය කිස බැවින් මුදා තර කරන්නට
සමත් වනුයේ
ඔබම හෙයිනි ”
 ( මේඝදූතය - ම.ව .සුගතපාල ද සිල්වා , 29 පි )

මේඝදූතය මුල් ම සංදේශ කාව්‍යය වුවත්,මේඝදූතය හා සම්භාව්‍ය සිංහල සංදේශ කාව්‍ය අතර සැලකිය යුතු වෙනස්කම් රාශියක් දක්නට ලැබේ. සම්භාව්‍ය සිංහල සංදේශ කාව්‍ය වශයෙන් මෙහිදී සලකන ලද්දේ ගම්පොළ,කෝට්ටේ හා සීතාවක යන අවධින්හිදී රචනා කරන ලද තිසර,මයුර,පරෙවි,කෝකිල, සැළලිහිණි, ගිරා ,හංස සහ සැවුල් යන ජේෂ්ඨ සිංහල කාව්‍යයෝ  වෙති.අනිකුත් සියලුම සංදේශ කාව්‍ය කණිෂ්ඨ ගණයට අයත් වේ. මේඝදූතය පෞද්ගලික අත්දැකීමක් ආශ්‍රයෙන් නිර්මිත මනංකල්පිත කතා ප්‍රවෘත්තියක් වීම නිසා සහෘදයාට කාව්‍යයේ අත්දැකීම් හා එක් වීමට පුළුවන.එහි හෘදයාංගම බවක් ද ඔහුට දැනෙයි. එහෙත් සිංහල සංදේශ කාව්‍ය මේ හෘදයාංගම බවෙන් තොර ය. ඒවායේ කතුවරයන්ට ආවේනික පෞද්ගලික අත්දැකීමක් නොමැත. එවැන්නකට සේයාවක්වත් දක්නට ලැබුනොත් ඒ අතරින් පතර වූ වර්ණනාවක පමණි.  සෑම සම්භාව්‍ය සන්දේශ කාව්‍යයකම මූලික හරය වී ඇත්තේ කිසියම් පොදු අරමුණක් ඉටු කර ගැනීමේ අභිලාෂයෙන් දෙවියන් වෙත කරන ලද කන්නලව්වකි. රජ,බිසව,ඇමති ගණයා,රට හෝ සසුන රැක දෙන ලෙස දෙවියන් යැදීම ජේෂ්ඨ සංදේශ සියල්ලට මපොදු හා භක්තිය අරමුණ ය.

 මේඝදූතයේ එන දූතය අචේතනික වස්තුවක් වූ වලාකුළකි.මේඝදූතයට පසුව උතුරු ඉන්දියාවේ ලියවුණු ඇතැම් සන්දේශ කාව්‍යයක දුතයා වුයේ ද අචේතනික වස්තුවකි.නැතහොත් ආධ්‍යාත්මික කරුණකි. පවන,චන්ද්‍රයා,සිත,සීලය හා භක්තිය යනාදී වශයෙනි. එහෙත් සෑම සිංහල සන්දේශ කව්‍යයකම පාහේ දුතයා සචේතනිකය .එයිනුදු බොහොමයක් පක්ෂීහු වෙති.මොනරා,හංසයා,පරෙවියා,සැළලිහිණියා,ගිරවා හා සැවුලා මේ අතර බෙහෙවින් ජනප්‍රිය වූ දුතයෝ වෙති.

මේඝදූතයේ ආරම්භය වස්තු නිර්දේශයකින් සිදුවෙතත් සිංහල සංදේශ කාව්‍යවල ආරම්භය දූතාශිර්වදයකි.මේඝදූතය  ආරම්භ වන්නේ පහත දැක්වෙන ගීයනි.

“ එක් යක්- සෙනවියෙක්
සිය නිලයේ නොරැඳීයේ
වසරක මුළුල්ලේ විරහ විඳුව’යි
 හිමියාණන්  කළ සාපයෙන්
බෙල හීනව ගියේ,
ජානකිය දිය සැනැහුයෙන් පිවිතුරුව
තුරු සේ - වළල්ලෙන් පියකරුව  ගිය
රම් -ගිරි අසපු අඩවියේ විසී ”
(මෙඝදුතය -ම.ව සුගතපාල ද සිල්වා 1 .පි )

කාලිදාස සිය දූත කාව්‍ය රචනා කිරීමේදී උපයෝගී කර ඇත්තේ මන්දාක්‍රාන්තනම් වූ එකම විරිතකි.එහෙත් සිංහල කවීහු තම කාව්‍ය සඳහා සමුහයක් යොදා ගත්හ.ඒ නිසා සිංහල සන්දේශ කාව්‍යවල ඒකාකාර බව පහව ගොස් අමුතු එළියක් ලැබී ඇත.නිදසුනක් වශයෙන් සැළලිහිණියේ සහ මයුරයේ එන නළඟන රුගුම් ද හංසයේ එන දිය කෙළි වැනුම් ද දැක්වීමට පුළුවනි.මේවයේ විරිත් මාරුව නිසා සජීව බවක් හා අමුතු ලාලිත්‍යක් ද මතු වී පෙනේ.මේ අතර සන්දේශ සියල්ලට ම පාහේ පොදු  විරිත් කීපයක් ද දක්නට ලැබේ.දුතාශිර්වදයෙහි දක්නා ලැබෙන ගී විරිත එවැන්නකි.ප්‍රථම පාදයේ මාත්‍රා 9 ක් ද ඊලඟ පාදයන්හි මාත්‍රා 11 බැගින් ද මාත්‍රා 42කින් යුත් මෙම විරිත යහ ගී විරිත නමින් හැඳින්වේ.පාදයක මාත්‍රා 18 බැගින් සමුද්‍රඝෝෂ විරිත පොදු විරිතකි.යහ ගී විරිත හා සමුද්‍රඝෝෂ විරිත එක් කොට ගෙන සැදුණු උපජාති විරිතින් බැඳුණු දසපද සැහැලි ද බොහෝ කව්‍යයන්හි දැකිය හැකිය.

සිංහල සන්දේශ කාව්‍ය හා මේඝදුත කාව්‍යයෙහි යම් සමාන කමක් දක්නට ලැබේ නම් ඒ කාව්‍ය සන්දර්භ අතිනි.එය ඉතා සුළු වුවකි.දුත වර්ණනා, මග තොරතුරු දැක්වීම හා දූතාශිර්වාදය වැනි අංග මේඝදූතය සමඟ සදෘශ කොට කතා කළ නොහැකිය. එහෙත් උචිතානුචිත බව අනුව සලකන කල සිංහල කාව්‍යවලට වැඩි උචිත බවක් මේඝදූතයෙහි දක්නට ලැබේ. කාලිදාස කවියා අතට පත්වන කවර වස්තුවක් වූවත් මූලික රසයට අනුගත වන පරිද්දෙන් ම රස ජනනය කෙරේ.සිංහල සන්දේශ කවියන් තුළ ඒ වාසනා ගුණය නොවිය.මේ නිසා ශාන්ත රසයෙන් යුතු විය යුතු හංස සන්දේශය වැනි කාව්‍යයක පවා ශෘංගාරය යොදා ගත තැන් එමට ය.මේඝදූතයේ එන ඇතැම් ලක්ෂණ සිංහල සන්දේශ කවීන් අත් හළ බවක් ද පෙනේ.


Monday, June 26, 2017

රූපවාහිනි වෙළඳ දැන්වීම් කලාව සඳහා සංස්කෘතිකාංග භාවිතය



     වෙළඳ දැන්වීම් කලාව යනු කිසියම් වෙළඳ නාමයක් යටතේ ඉදිරිපත් කෙරෙන නිෂ්පාදනයක් හෝ සේවාවක් පරිභෝජනයට කිරීමට හෝ මිලදී ගැනීමට පාරිභෝගිකයන් පිරිසක් පෙළඹවීම සඳශා කෙරෙන සන්නිවේදන මාදිලියකි. වෙළඳ දැන්වීම්කරණය පිළිබඳ විවිධ නිර්වචනයන් ඉදිරිපත් කොට තිබේ.  වෙළඳ දැන්වීමකින් මූලික වශයෙන් අදහස් කෙරෙන්නේ කිසියම් දෙයක් සඳහා පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීමයි. ඩොන් ස්ලේටර් නම් විචාරකයා පෙන්වා දෙන්නේ පාරිභෝගික භාණ්ඩ පිළිබඳ සංස්කෘතික ප‍්‍රති නිර්වචනයක් දැන්වීම්කරණයෙන් ලැබෙන බවයි. එම භාණ්ඩ බෙදා හැරීමේ මෙන්ම ඒවායේ මිල තීරණය කිරීමේ බලය දැන්වීම්කරණය සතු බව හෙතෙම පෙන්වා දෙයි. මෙලෙස විවිධ වූ නිර්වචනයන්ගෙන් වෙළඳ දැන්වීම්කරණය පිළිබඳ හඳුනාගැනීමට පුළුවන.වෙළඳ දැන්වීම් ඉලක්ක ග‍්‍රාහකයන් වෙත ගෙන යෘම සඳහා විවිධ වූ මාධ්‍යයන් යොදා ගැනේ. රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත්, සඟරා, අන්තර්ජාලය, දැන්වීම් පුවරු, ඊ මේල් වැනි මාධ්‍ය ඊට නිදසුන් වේ. ඒ අතරින් රූපවාහිනි වෙළඳ දැන්වීම්කරණය සමාජයට කරන බලපෑම පිළීබඳ අද බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. එය සමාජයට වඩාත් ළං වන හේතු කාරකයක් වන්නේ ඒ තුළ සමාජයේ පැවැත්ම, නොපැවැත්ම හා ක‍්‍රියාකාරකම් තීරණය කිරීම නිසා ය. සංස්කෘතිකාංගයක් ගොඩ නැෙඟන්නේ සමාජයක පැවැත්ම තුළිනි. 1871 දී ටයිලර් විසින් සංස්කෘතිය අර්ථ නිරූපණය කර ඇත්තේ,‘‘දැනුම, විශ්වාසයන්, ශිල්ප ක‍්‍රම, සදාචාර, නීතිය, චාරිත‍්‍රයන් සහ වෙනත්  ඕනෑම හැකියාවන් හා හුරු පුුරුදු කාර්යයන් ඇතුළත් වෙන සංකීර්ණ සමස්තය’’ යනුවෙනි. ෆින්කි නමැති අර්ථ නිරූපකය ාවිසින් සංස්කෘතිය අර්ථ දක්වා ඇත්තේ අපගේ සමාජ අත්දැකීම් වල හා ඒ තුළින් අර්ථ නිෂ්පාදනය කිරීමේ අනාවරණ ක‍්‍රියාවලිය සංස්කෘතිය බවයි.’’මෙම නිර්වචන වලට අනුව සංස්කෘතිකාංග තුළ සෞන්දර්යාත්මක, සන්නිවේදනාත්මක මෙන්ම ක‍්‍රියාකාරීමය ගුණාංගයන් ඇතුළත් වන බව හඳුනාගැනීමට පුළුවනි. මෙසේ පෙළ ගැසෙන්නා වූ සංස්කෘතිකාංගයන් තුළින් දෘෂ්‍ය රූපකයන් ගෙන එන සංඥාර්ථයන් ප‍්‍රබල ලෙස ග‍්‍රාහක සිතුවිලි සකස් කිරීමට බලපානු ඇත. එහෙයින් රූපවාහිනී වෙළඳ දැන්වීම් තුළින් ගෙන රඑන දැනුම, විනේාදයට අමතරව තරඟකාරීථ්වය හා අනුකරණය ද අපටද එතුළින් නිතැතින්ම යොමු කරයි. නූතන රූපවාහිනී වෙළඳ දැන්වීම්වලින් ඉතා බලවත් ලෙස මිනිසාගේ චින්තනය ද ජීවන රටාව ද නතුකරගන සිටියි. විශේෂයෙන් භාණ්ඩයක ඇති ගුණාත්මක බව වෙළඳ දැන්වීම්කරුවාගේත්, නිෂ්පාදකයාගේත් ප‍්‍රශ්නය නොවන තරමට ප‍්‍රමාණාත්මක ප‍්‍රචාරණය ඉහළ ගොස් තිබේ. භාණ්ඩ අලෙවියේ තරඟකාරීථ්වය ජය ගැනීමට භාණ්ඩ නිෂ්පාදකයාත්, වෙළඳ දැන්වීම්කරුවාත් මහන්සි ගනියි. මේ සඳහා සියලූ නිර්මාණශීලී ප‍්‍රවේගයන් ද වෙළඳ දැන්වීම් නිර්මාණකරුවා භාවිත කිරීමට බැඳී සිටියි.

     වර්තමානයේ රූපවාහිනී වෙළඳ දැන්වීම් ගැන කතා කරන විට එහි හරය අන්තර්ගතය පමණක් අවධානයට ලක්වන අතර, ශ‍්‍රව්‍ය දෘෂ්‍ය පෙළ ගැස්වීම හා එහි ප‍්‍රයෝග පිළිබඳ කතිකා කිරීම බෙහෙවින් අඩු මට්ටමක පවතියි. වෙළඳ දැන්වීමක අන්තර්ගත හරයට වඩා ඉදිරිපත් වන දෘෂ්‍ය රූපක තුළින් මිනිස් ජීවිතයට කරන බලපෑම සාකච්ඡුා කළ යුතුය. එමෙන්ම දෘෂ්‍ය රූපක යොදා ගැනීම පිළිබඳවත්, දෘශ්‍ය රූපක පෙළ ගැස්වීමේදී මිනිස් සිතුවිලි අවදි වීම පිළීබඳවත්, එ ්හා බෙහෙවින් උපකාරි වන සංස්කෘතිකාංග යොදා ගැනීම පිළිබඳවත් රූපවාහිනී වෙළඳ දැන්වීම් ශිල්්පියෙකු ලබාගත යුතු අවබෝධයන් වේ.එම තත්වය ගොඩනඟා ගැනීම සඳහා ඔහුගේ හෝ ඇයගේ ජානමය ශක්තියත්, ජන විඥානයත්, සංජානනයත් ඉතා වැදගත් වේ. එමෙන්ම නිර්මාණශීලී දෘෂ්ටිකෝණය පුළුල් කර ගැනීම සඳශා සංස්කෘතිකාංග පිළිබඳ අවබෝධයත්, පාරිසරික අවබෝධයත් බෙහෙවින් අත්‍යවශ්‍ය වන සාධකයන්ය. මෙම අවබෝධය ලබාගත් නිර්මාණශිල්පියෙකුතේ දැඩි වගකීමක් වන්නේ තවත් මිනිස් සිතක් හා ඔහුගේ හෝ ඇයගේ පරිසරය තේරුම් ගැනීමයි. මෙම ශක්තිය ගොඩනඟා ගැනීමට නව නිර්මාණශිල්පියෙකු විවිධ විෂයික දැනුම අතිශයින් වැදගත් වේ. වෙළඳ දැන්වීමක් නිර්මාණය කළ පමණින්  එය ගුණාත්මක දැන්වීමක් යැයි නිගමනය කළ නොහැකිය. එමෙන්ම සාම්ප‍්‍රදායික හරයන් ජනප‍්‍රිය සංස්කෘතින් එදා සහ අද සහ නූථන තාක්‍ෂණය යොදා ගැනීම පිළිබඳන්‍ත් මනා නිපුණතාවයක් ගොඩනඟා ගැනීමක් තිබිය යුතුය. රූපවාහිනි වෙළඳ දැන්වීමක් නිර්මාණ්‍ය කිරීමේදී  ඕනෑඹ ආකෘතියකින්ඕනෑම සංස්කෘථික හැඩකතලයකින් ග‍්‍රාහකයා ඇමතීඹට පුළුවන. එය දේශීය හෝ විදේශීය  විය හැකිය.

     රූපවාහිනි වෙළඳ දැන්වීමක් නිර්මාණයේදී සාධක ගණනාවකත් ඉවහල් වේ. එනම්, භාෂාව, රූප, වර්ණ, සංගීතය, ගායනය, රිද්මය, සංකේත, සාරධර්ම සමාන හැසිරීම, දේශීය සිරිත් විරිත්, දේශීය භෘණ්ඩ හා පසුබිම, ඇඳුම්, පැළඳුම් සහ බටහිර අංග වශයෙනි. එමෙන්ම රූපවාහිනී දැන්වීමක් තුළ රුචිකත්වය ඇති කළ හැක්කේ මෙම අංගයන්ගෙන් භාෂාව, රූප, වර්ණ, සංගීතය, ගායනය, රිද්මය, සංකේත සහ ඇඳුම් පැළඳුම් වලින් වන අතර, එම දැන්වීම් වඩාත් සංවේදී බවට පත් වන්නේ සාරධර්ම, සමාජ හැසිරීම්, දේශීය සිරිත් විරිත් යන සියලූම අංගයන් ස්වභාවිකත්වයෙන් යුතුව යථාර්ථවාදීව ඉදිරිපත් කිරීමෙනි. ග‍්‍රාහකයෙකු හෝ ග‍්‍රාහක කණ්ඩායමක් දෙස බැලූ කල ඔවුන්ට ආවේණික හැසිරීම් රටා, විශ්වාස සහ ආකල්ප ඇත. රූපවාහිනි වෙළඳ දැන්වීම් කලාවේදී මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා ග‍්‍රාහකයාට ගැළපෙන එමෙන්ම වඩාත් ළංවිය හැකි සංස්කෘතිකාංග තේරුම් ගැනීම සඳශා සංස්කෘතික අවකාශ තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. එහෙයින් දේශී්‍ය හෝ විදේශීය  ඕනෑම සංස්කෘතික අවකාශයන් තේරුම් ගැනීම ඉතාමත් වැදගත් වේ. නමුත් දේශීය හෝ විදේශීය  ඕනෑම සංස්කෘතිකාංගයක් තමන්ගේ මතවාදවලට අනුව සමාජයට පොම්ප කළ නොහැකිය. එය එසේ කළත් එයින් අත්වන ප‍්‍රතිඵලය සීමිතය. මෙම කරුණු කාරණා අනුව රූපවාහිනි වෙළඳ දැන්වීම් සඳහා සංස්කෘතිකාංග යොදා ගැනීමේදී ඒ පිළීබඳව මනා අවබෝධයක් සංස්කෘතික සතු හැඩට නව අවකාශයන්, රිද්මයන්, ග‍්‍රාහකයාට දැනෙන, හැෙඟන අයුරින් පවත්වාගෙන යාම, සහ ග‍්‍රාහකයාට එය බලපාන ආකාරය පිළිබඳව ද අවබෝධය ඉතා වැදගත් වේ. එයින් වඩාත් යහපත් ප‍්‍රතිඵල ළඟා කරගත හැකිය.



Wednesday, June 14, 2017

වගකිවයුත්තෝ කවුරුන්ද ?





     අප රටේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන්  සිදු වූ ඛේදවාචකයන් පිළිබඳ ඔබට අමුතුවෙන් කිවයුතු නැත. මා හට මෙන්ම ඔබටද ඒ පිළිබඳ අත්දැකීම් විඳ ගැනීමට අවස්ථාව ලැබුණු බව හොඳාකාරවම දනිමි. ඔබ ඒ ඛේදවාචකයට මුහුණ පෑ අයෙකු විය හැකිය. ඒ සේ නැතහොත් අන්තර්ජාලය, රූපවාහිනිය ගුවන්විදුලිය සහ පුවත්පත් වලින් දැන ගත්තා විය හැකිය. ඒ කෙසේ හෝ මා මෙන්ම ඔබද මෙහි කොටස්කරුවන් වී හමාරය.

     වර්ෂයේ ආරම්භයත් සමඟ මෙරටට සිදුවූ ව්‍යසනයන් කාගේ ශාපයකට වුවා දැයි නිගමනයකට ඒමට නොහැක.කඳු නායයෑම් නිසා කොපමණ පිරිසකගේ ජිවිත අහිමි වුවාද ? තවත් පිරිසකට බීමටවත් වතුර පොදක් නැතිව පිපාසයෙන් කල් ගෙව්වද ? කන්න යමක් සොයා ගන්න බැරිව කුඹුරු කර ගන්න වතුර අ පොදක් නැතිව රටේ එක්  පෙදෙසක්ම වැස්ස එනකල් හුල්ලමින් බලා සිටියා නොවේද ? ළඟම සිදුවීම වූ ප්‍රදේශ කීපයකට බල පෑ ගංවතුර හේතුවෙන් සිදු වූ ඛේදවාචකයන් ගණනය කිරීමට පවා නොහැකිය. මෙවන් වූ ස්වභාවික විපත් රාශියක් මේ වර්ෂයේ මුල සිටම ම මෙන්ම ඔබද අත් විඳින්නට වූ වා සැක නැත. මේ ව්‍යසනයන්ගෙන් කොපමණ නම් ජිවිත ප්‍රමාණයක් බිලි ගත්තද ? ඒ ජිවිත තුල තිබු අනාගත අපේක්ෂාවන් අරමුණු නම් කොතෙක් වන්නට ඇත්තද?  දරුවන්ට දෙමාපියන්, දෙමාපියන්ට දරුවන් කොපමණ නම් අහිමි වන්නට ඇතිද ? නැතහොත් මුළු පවුලම මාරයා විසින් රැගෙන යන්නට විය. අවුරුදු කිපයකයට කලින් ඇති වූ සුනාමි ව්‍යසනය එයට කදිම සාක්ෂියකි.

     මෙය කගේ ශාපයක්ද ? ස්වභාවදහම මෙතරම් ආමනුෂියා වන්නේ මිනිසුන්ගේම නොසැලකිලිමත් ක්‍රියාකලාපයන් නිසා නොවේද කියා ඒ පිළිබඳ ගැඹුරින් සිතනවානම් එහි සත්‍යතාවයක්ද පවතී. මිනිසුන්ගේ  ක්‍රියාකාරකම් ඍජුව මෙන්ම වක්‍රවද මේ ව්‍යසනයන්ට දායක වී තිබේ. ඉඩම් ගොඩ කිරීම, ගස් කපා දැමීම ,අනවසර ඉදි කිරීම්, විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට එකතු කිරීම, අක්‍රමවත් අප ද්‍රව්‍ය බැහැර කිරීම,ආදී ලෙස මිනිසාගේ ක්‍රියා කලාපයන් ගේ ප්‍රතිවිපාක ලෙස ස්වභවධර්මය විසින් අපට දඬුවම් කරනවා යැයි කෙනෙකුට සිතීමටද පුළුවනි. එහි සත්‍යතාත්වයක්ද පවතියි.

     ස්වභාවධර්මය යනු චක්‍රයකි. හිරු එලිය,පස ,ජලය සහ වාතය එහි ප්‍රධාන සංඝටක වේ. මෙම සංඝටක සමබරතවයකින් යුතුව චක්‍රයකට අනුව ක්‍රියාත්මක වේ.එම චක්‍රයේ ක්‍රියාකාරිත්වයට හානි වන අයුරින් යම් ක්‍රියාකාරකම් සිදුවුවහොත් එම චක්‍රයේ සමතුලිතතාවය බිඳ වැටේ.එහි ප්‍රතිපලයක් ලෙස පරිසරය තුළ හානිකර තත්වයක් හෝ ව්‍යසනයක් ඇති වීමට ඇති ඉඩකඩ වැඩිය. ගංවතුර,නායයෑම්,නියඟය වැනි අවස්ථාවන් උදාහරණ ලෙස දැක්වීමට පුළුවන.මේ ව්‍යසනයන්ට ස්වභාව ධර්මයට ශාප කිරීමෙන් පලක් නොමැත. ස්වභාවධර්මය හැඩ ගැසෙන්නේ  ජිවන චක්‍රයට අනුවය. මිනිසාගේ අධම නොසැලකිලිමත් ක්‍රියාකාරකම් මේ ව්‍යසනයන්ට ඍජුව මෙන්ම වක්‍ර ආකරයෙන්ද බලපෑම් කරනු ලබයි.මෙයට වගකියයුත්තෝ සේවිමේදී වැඩි බරක් මිනිසාටද හිමිවේ. ස්වාභවධර්මය අපට ලැබුණු මිල කල නොහැකි අගනා දායාදයකි. එය විනාශකිරීමෙන් වන්නේ මිනිසගේද විනාශය ලඟා කර ගැනීමයි. එය රැක ගැනීම ඔබගේ මෙන්ම මගේ ද යුතුකමකි.වගකීමකි. එකීනෙකාට චෝදනා කිරීමෙන් පලක් වන්නේ නැත.

                                                                                                             

Sunday, June 11, 2017

සුන්දර හන්තානයේ වතගොත





  ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මහනුවර නගරයට ආසන්නයේ පිහිටා ඇති හන්තාන කඳුවැටිය සුන්දර රමණිය කඳුවැටියකි. මහනුවර නගරයේ ගිනිකොණ දෙසින් වන්නට ගලහා නගරය දක්වා දිවෙන කඳු පන්තියක් වේ නම් ඒ අනෙකක් නොව හන්තාන කඳුවැටියයි. හන්තාන පරිසර පද්ධතිය ගවට, පාතහේවාහැට, උඩ පලාත , දෙල්තොට යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් මහවැලි ගඟේ  ඉතාම වැදගත් ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙසින් මුහුදු  මට්ටමේ සිට 1240 ක්  පමණ උසකින් වන්නට මෙම කඳුවැටිය පිහිටා ඇත. ඳුවැටිය හරහා ගලා බසින ගැර`ඩි ඔය, මහ ඔය, දොඩම් ගොල්ල ඔය, කුඩා ඔය වැනි අතුගංඟා රැසකට ජලය ලබා දේ.

       දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ගත් පරිසර පද්ධතියක් වන හන්තාන කඳුවැටිය තරණය කළ හැකි ප‍්‍රධාන මාර්ග හතරකි.

             ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා විකාශනාගාරයට පිවිසෙන මාර්ගය
             උඩුවෙල හන්තානේ තේ වත්ත හරහා වැටී ඇති මාර්ගය
             මහකන්ද සරසවිගම හරහා වැටී ඇති මාර්ගය
             පේරාදෙණිය හරහා වැටී ඇති ගලහා - දෙල්තොට මාර්ගයේ දෙල්තොට නගරය හරහා වැටී ඇති           මාර්ගය

මෙම කඳුවැටිය මධ්‍යම කඳුකරයේ අතරමැදි තෙත් කලාපයට අයත් මෙම පරිසර පද්ධතියේ සමස්ත භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 1200 ක් පමණ වේ.

     මධ්‍යම කඳුකරයේ පහළ ප‍්‍රදේශයෙන් අතරමැද තෙත් කලාපයකට අයත් වන හන්තාන කඳුවැටියේ වාර්ෂික වර්ෂාපතනය 2000පප පමණය. ඊසාන දිග හා නිරිත දිග මෝසම් මගින් වසරේ වැඩි කාලයක් වර්ෂාව ලැබෙයි. එබැවින් පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 23 ත් 25 ත් අතර පරාසයක වෙනස්කමක් දක්නට ලැබෙයි. වසරේ ජනවාරි සිට මාර්තු අතර කාලය වියළි දේශගුණික තත්ත්වයක් පවතින අතර කඳු මුඳුන් නිතරම මිඳුමෙන් වැඩි තිබීම සුවිශේෂි ලක්ෂණයකි.

       හන්තාන කඳුවැටියේ පහළ ප‍්‍රදේශයෙන් හෙක්ටයාර 432ක් පමණ වර්ෂ 1939 දී එවකට ශ‍්‍රී ලංකා විශ්වවිද්‍යාලය එනම් අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පවරා ගත් අතර ඉතිරි බිම් ප‍්‍රමාණය වර්ෂ 1952 දී මැයි, මාර, ඇල්බීසියා සහ ඉයුක්ලිපිටස් වැනි දේශීය නොවන ශාක සිටුවිම සහා යොදා ගෙන ඇත. වර්ෂ 1980 දී පමණ පයිනස් වැනි විදේශීය ශාක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඳුවැටියේ ඉහළ සීමාව දක්වා වගා කර ඇති අතර අද මෙම වතුවගා තැනින් තැන දක්නට ලැබේ.

         කඳුවැටියේ ඉහළ සීමාව පතන තෘණ භූමිවලින් ආවරණය වි ඇති අතර සෑබෑ ස්වාධීන වනාන්තර තැනින් තැන දක්නට ලැබේ. පැ`ගිරිමානා, ඉලුක්, පිණිබරු, ගිනිතණ වැනි  තෘණ වර්ගවලින් පහත් බිම් ආවරණය වී පවති. ස්වභාවික වනාන්තර කට්ටිවල නුග, දඹ, බදුල්ල, මදිටියා, කට ගොඩ කටු ඉබුල්, ගල්ගොරක, මකුල බිතුර, නෙල්ලි, කිතුල්, දවුල් කුරුඳු, වන නැඳුන්, කැන්ද, හල්බෙඩිය, බෝවිටියා, මහා බෝවිටියා, ගම්මාලු, රබර්, කොස්, බොද, බැදිදෙල්, එළනුග, මාවේවැල් වැනි ශාක විශේෂ 200 ක් පමණ මෙසේ හන්තාන කඳුකර පරිසරයේ දක්නට පුළුවනි. මේ හැරුණු කොට වගා කළ තේ සහ අතහැර දමන ලද ඉඩම්වල තේ පඳුරු තැනින් තැන දක්නට ඇත.
මෙම ශාක විශේෂ,

             වියන් ස්ථරය
             උප වියන් ස්ථරය
             බිම් ස්ථරය
                                   ඔත්සේ පැතිරී ඇත.
       
  පාරිසරික වශයෙන් ගැටලු රැුසක් ඇති කරන ආක‍්‍රමණික ශාක විශේෂ වන  වනයෝධ නිදිකුම්බා, ගල්ගොරක සහ හවරිනුග මෙන්ම ගිනිකන වැනි ශාක විශේෂ මෙම පරිසර පද්ධතිය තුළ ව්‍යාප්ත වි ඇති බව දක්නට පුළුවනි.

    උඩවැඩියා විශේෂ රැුසක් හමුවන හන්තාන කඳුවැටියේ පර්නාංග ශාක විශේෂ රාශියක් ද දක්නට ලැබේ. මේ අතර  ඕකිඞ් විශේෂයක් ද වනරාජ, හීීීන් බෝවිටියා, බිනර යන ඒකදේශික පැළෑටිද  හන්තාන පරිසර පද්ධතිය තුළ දැකිය හැක.

       හන්තාන කඳුවැටියේ සත්ත්ව විවිධත්වය අතින් දියුණු පාරිසරික වන භූමියකි. ක්ෂිරපායින්, පක්ෂින්, උරගයින්, උභයජීවින් හා සමනල විශේෂ ඒ වගේ ගොළුබෙල්ලන්, ජලාශ‍්‍රිත මසුන්, කෘමින් ආදී සත්ත්ව විශේෂ දේශීය දුර්ලභ වවීමේ තර්ජනයට ලක් වී ඇති විශේෂ ගනනාවක් හන්තාන කඳුවැටියෙන් හමුවෙයි.
       කඳුවැටිය ආශ‍්‍රිතව වල්ඌරන්, රිලවුන්, ඳුන් දිවියන්, නරියා, මීමින්නා, මුගටියා, ඉත්තෑවා, දඩුලේනා, හාවා, හෝ තුඩුවා, ලේනා වැනි ක්ෂීරපායින් දැක ගතහැකි ය.

      හන්තාන කඳුවැටියේ පක්ෂීන් විශේෂ 120 ක් පමණ හ`දුනාගෙන තිබේ. ඒ අතර ලංකාවට ආවේණික පක්ෂීන් වන ශී‍්‍ර ලංකා වලිකුකුළා, ඳුරු නිල් මැසිමාරා, සැළලිහිණියා, ඳුකර වී කුරුල්ලා, ගිරි මලිත්තා, ශී‍්‍ර ලංකා රත් මුහුණත් කොට්ටෝරුවා, හිස දුඹුරු දෙමලිච්චා ඒ අතර වේ. ඊට අමතරව කළු කොණ්ඩයා, පුංචි දෙමලිච්චා, නීල කොබෙයියා, හිස දුඹුරු කෑරලා, පොදු දෙමලිච්චා, වතු පොල්කිච්චා, ලබු ගිරවා, `දුකර මයිලගොයා, සර්ප රාජාලියා, අටුවැහි කිහිණියා වැනි පක්ෂී විශේෂ  ද හන්තාන කඳුවැටියෙන් හඳුනාගෙන තිබේ.

      හන්තාන කඳුවැටියෙන් නාගයා, මුදු කරවලා, පොළොන්තෙස්සා, ඇහැටුල්ලා, ඳුරු මාපිලාගැරඩි අරනි දත් කැටියා, දෙපතුඩුල්ලා වැනි සර්ප විශේෂ පලා කටුස්සා, ගරා කටුස්සා, පිනුම් කටුස්සා, කරමල් බෝදිලිමා, වැනි කටුසු විශේෂත්, සිකනල විශේෂ වන ටේලර්ගේ ලත්හීරලව, සුලභ සිකනලාත්, මහ කැලේ හූනාත්, ඳුකර දිවාසරි හූනා යන හූනු විශේෂයන් උභයජීවී විශේෂ වන සුලභ ගේ මැඩියා, දුඹුරු මොටා, හොඹු මැඩියා, ගන්නෝරුව පඳුරු මැඩියා, උල් හොඩු පඳුරු මැඩියා, සුලභ පනිම්බු ගස් මැඩියා ඇතුළු උබයජීවීන් හා ජලාශ‍්‍රිතව වෙසෙන මිරිදිය මසුන් මෙන් ම අපෘෂ්ඨවංශි සතුන් රැසකගේ නිවහන බවට හන්තාන පරිසර පද්ධතිය පත්ව ඇත.

       සමනල් විශේෂ 95 ක් පමණ හන්තාන කඳුවැටියෙන් වාර්තා වන අතර එයින් මහ කුරුළු පැපිලියා, හිල් කැලෑ කොලයා යන විශේෂ ආවේණික වන අතර නිල් පැපිලියා, ඉරිතැඹිලි කොටිනියා, ඳුරු බොරළුවා, පොදු අලංකාරිකයා, රතු පඳුරු නීලයා, මොණර අලංකාරිකයා, පොදු රෝස පැපිලියා, කළු පැපිලියා යන ආවේණික නොවන සමනල් විශේෂ ගනනාවක් හන්තාන පරිසරයෙන් හමුවෙයි.

       හන්තානේ වැදගත් ස්ථානයක් ලෙස හන්තාන තේ කෞතුකාගාරය හැදින්වීමට පුලුවනි. එහි ආරම්භය 1925 ලෙස සැලකේ. එදා සිට අද දක්වා නොනැවතුනු ගමනක් පැමිණි මෙම කෞතුකාගාරය තේ සහා ලොව ඇති අග‍්‍රගන්‍ය කෞතුකාගාරයක් ලෙස සැලකේ.

       වර්තමානයේ විවිධාකාර වූ පරිසර හානි මේ වනය තුළ සිදුවීම අනාගතයේදී විය හැකි මහා විනාශකාරී පෙරමග ලක්ෂණයකි. පාංශූඛාදනය ප‍්‍රධාන පරිසර හානයකි. පෞද්ගලික ඉඩම්වල සිදුකරන සංවර්ධන කටයුතු ස්වාධීන වනාන්තර එළිකිරීමෙන් මෙම පාංශූඛාදනයට ප‍්‍රධාන හේතුවක් ව ඇත. පෞද්ගලික ඉඩම් ජලමාර්ග අවහිර කරන ඉදකිරීම් හා විවිධ අපද්‍රව්‍ය ඇළ මාර්ගවලට හැරවීම ප‍්‍රබල පරිසර ගැටළුවලට හේතුව ඇත. මෙවන් තත්ත්ව හමුවේ හන්තාන කඳුවැටියේ මහනුවර නගරය ආශ‍්‍රිතව හීරුස්සගල ප‍්‍රදේශයේ නායයාමේ  අවදානමකට ලක්වූ ප‍්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබේ. මෙහි ඉඩම් බොහොමයක් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමට අයත්වන අතර මේවා දැඩි බෑවුම් ප‍්‍රදේශ වෙයි. පෞද්ගලික ඉදිකිරීම් හේතුවෙන් මෙන්ම අක‍්‍රමවත් ඉදිකිරීම් පාංශූඛාදනය හා නායයාම් අවදානම් තත්ත්වයක් උදාකර ඇත.

           ස්වභාවික නායයාම් වලට වඩා මානව ක‍්‍රියාකාරකම් හේතුවෙන් මෙසේ හන්තාන නායයාමේ තර්ජනයන්ට පත්ව තිබෙන බව දක්නට පුළුවනි. එයට ප‍්‍රබල හේතුවක් ලෙස අක‍්‍රමවත් ඉදිකිරීම් ඉහත කී පරිදි සඳහන් කිරීමට පුළුවන. මෙය අවම කිරීමට රජය මඟින් ගෙන ඇති පියවර කිහිපයකි. හන්තානයේ යම් ඉදිකිරීමක් සිදු කරන්නේ නම් ඒ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන විසින් අවසර ගත යුතුය. එහි පර්යේෂණ වාර්තාව අනුව ඉදිකිරීමට සුදුසු භූමියක් ද නැති ද යන්න තීරණය කරනු ලැබේ. එමෙන්ම දැඩි බෑවුම් සහිත ප‍්‍රදේශ නායයාමෙන් වළක්වා ගැනීමට ඉංජිනේරු තාක්ෂණික ක‍්‍රමවේදයන්ට අනුව ඉදි කිරීම් සිදු කරනු ලැබේ. අනවසර ඉදි කිරීම් හා ඊට උත්සාහ දැරීමෙන් හන්තාන පරිසර පද්ධතියට විශාල හානියක් සිදු වේ. වතුවගාවලට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ද පරිසරයට එල්ලවන බලපෑම විශාල වේ. ශාක හා සත්ව ප‍්‍රජාව එහි බලපෑමට ලක්වේ.

         දිගු කලක සිට හන්තාන කඳුවැටියේ සිදුවන පරිසරයට හානිකර ක‍්‍රියාකාරකම් නිසා විශාල හානියක්  සිදුව ඇත. පෙබරවාරි , මාර්තු යන කාල සීමාවලදී සිදුවන ගිනි ගැනීම් ( වියළි කාලය පැමිණීමත් සමග අවට පදිංචිකරුවන් දඩයම් කිරීම අරමුණු කොට ගෙන කැලෑ ගිනි තබයි. ඒ  හේතුවෙන් පොදුවේ සත්ව විශේෂ මෙන්ම ශාඛ ප‍්‍රජාව ද විනාශයට පත් වේ. පසුව ඉතාමත් සරුවට වැවෙන ගිනිකූරා සහ මාන මෙම කඳුකරය පහත් බිම් බවට පත් කරයි. 

         ආක‍්‍රමණශීලී ශාක හා සතුන්ගේ ව්‍යාප්තිය හා සතුන්ගේ ව්‍යාප්තිය වැඩිවීම තවක් ප‍්‍රධාන ගැටළුවකි.උදාහරණයක් ලෙස ෆයින්ස් ශාකය දැක්විය හැකිය. මෙම ආක‍්‍රමණික ශාකයන් හන්තාන පරිසර පද්ධතියෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් පවතී. එසේ නොකොළහොත් ආක‍්‍රමණික ශාක හන්තාන පරිසර පද්ධතියම වෙළා ගන්නා දිනයක වැඩි ඈතක නොවේ. ෆයින්ස් ශාකය නිසා හන්තාන ප‍්‍රදේශයේ දිය උල්පත් සිඳීයෑමට පටන් ගෙන ඇත. මේ හේතුවෙන් ෆයින්ස් වගාවේ ව්‍යාප්තිය වේගවගවත්ව තවත් පරිසර හානියක් සිදුවේ.
          වැසි ජලය නිසි ලෙස කළමනාකරණය නොකිරීම මෙම ප‍්‍රදේශයේ පවතින තවත් පාරිසරික ගැටළුවකි. එමෙන්ම මෙහි ඉදිව ඇති නිවෙස්වල අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව ද යම් යම් ගැටළු මතුව ඇත. 
          දේශීය සංචාරකයින්ගේ නොසැලකිලිමත් බව මෙහි ප‍්‍රධාන පරිසර ගැටළුවක් බවට පත්ව තිබෙන අතර, ඔවුන් හන්තාන නැරඹීට පැමිණීමේ දී ගෙන එන පොලිතීන් , ප්ලාස්ටික් ආදී අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හේතුවෙන් හන්තානේ සුන්දරත්වයට දැඩි බලපමක් එල්ල වේ.

             ඉඩම් කට්ටි කිරීම
             වනාන්තර එළි කිරීම
             කෘෂිකාර්මික කටයුතු ව්‍යාප්තිය
             වෙනත් සංවර්ධන කටයුතු  

හේතුවෙන් ද හන්තාන ප‍්‍රදේශයට පාරිසරික වශයෙන් විශාල බලපෑමක් එල්ල වී ඇත.

        බි‍්‍රතාන්‍ය පාලන සමයට ප‍්‍රථම රමණීය වන ගෘහයක්ව පැවති හන්තාන කඳුවැටිය එම පාලන සමයේ තේ , කෝපි , රබර් වැනි භෝග වගාවන් සදහා හෙළි කිරීමෙන් පසුව නැවත ගොඩ නැගිය නොහැකි අයුරින් පරිසර හානියකට ලක්විය. එපමණක් නොව පසුකාලීනව මෙයින් ඇතැම් ඉඩම් වගා නොකොට අත් හැර දමන ලද අතර එම මුඩු බිම්ද හන්තානේ සුන්දරත්වයට මෙන්ම පරිසර හානීන්ට ද හේතු විය.
මේ ආකාරයට නොයෙක පරිසර හානි හා ගැටළු මතුව ඇති ආකාරයක් හඳුනාගත හැකිය.එබැවින් මානව ක‍්‍රියාකාරකම් මගින් වන හානි අවම කරගැනීම නොව වළක්වා ගැනීමට අප සියළු දෙනා වගකීමෙන් යුත්තව ක‍්‍රියා කළ යුතු ඇත.


          1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත් 24 ඈ හා 24 ඈ යන වගන්ති වලට අනුව හන්තාන පරිසරය ‘‘හන්තාන පාරිසරික ආරක්‍ෂක ප‍්‍රදේශය’’ ලෙස නම් කොට තිබේ.
                හන්තාන කඳුවැටියේ තිබෙන පාරිසරික වැදගත්කම පිළීබඳව විමසීමේදී

             ජල පෝෂක ප‍්‍රදේශයක් වීම
             දාර්ශනික කඳුවැටියක් වීම
             ජෛව විද්‍යාත්මක වටිනාකමක් තිබීම
             සංරක්‍ෂණ සැලසුම් කි‍්‍රයාත්මක කරන ප‍්‍රදේශයක් වීම
                හඳුනාගැනීමට පුළුවන.

                හන්තාන යනු ලක්වැසියන්ට සොබාදහමින් ලැබුණු දායාදයක් වැනිය. එය රැුක ගැනීම අප කාගේත් යුතුකමක් සහ වගකිමක් ද වන්නේ ය.