Showing posts with label රට වටා. Show all posts
Showing posts with label රට වටා. Show all posts

Friday, July 14, 2017

මාදුගං කොමළිය





දුපත්වලින් සමන්විත ගංගා අතරින් වැඩිම දුපත් සංඛ්‍යාවක් තිබෙන එකම ගංගාවක් වන්නේ බළපිටියේ සුන්දර මාදු නදිය පමණි.කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයට මායිම්ව බළපිටිය මැතිවරණ කොට්ඨාසයේම පමණක් මේ ගංගාව පිහිටා තිබෙන අතර එය දුපත් 32කින් සමන්විත වූ සුන්දර ගංගාවකි.සෞන්දර්යයෙන් පිරි මේ රමණිය ගංගාව පොල්අතුකන්දෙන් ආරම්භ වන බවට මතයක් පැවතියත් එය එතරම් විශ්වාස කළ නොහැකිය. මේ සුන්දර නදිය කලපුවක් බවට හඳුන්වන බවට ප්‍රදේශවාසීහු කියති.එසේම ජෛව විවිධත්වයෙන් හෙබි  මාදු ගඟ රැම්සා තෙත්බිමක් මෙන්ම අභය භූමියක් බවටත් නවීකරණය කර තිබේ. දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත්සිත් පැහැර ගැනීමට සමත් වූ මාදුගං කොමළියගේ විශාලතම දුපත වනුයේ මාදූවය.ග්‍රාම නිලධාරී වසමකින් සමන්විත මේ දුපතේ පවුල් 275ක් පමණ ජිවත් වෙති. පාසලක් උප තැපැල් කාර්යාලයක් පෙර පාසලක් විහාර ස්ථාන දෙකකින් මේ දුපත සමන්විත වේ. ඕමන්තේ පුඤ්ඤසාර හිමියන් එහි විහාරස්ථානධිපති ලෙස කටයුතු කරන අතර දන්ත ධාතුන් වහන්සේ සතුරන්ගෙන් ආරක්ෂා හැර ගැනීම සඳහා වැලිවලින් කොතක් සාදවා එහි ධාතුන් වහන්සේ තැන්පත් කරවා ආරක්ෂා කර ගත් බවද ඓතිහාසික තොරතුරු වල සඳහන් වේ. 

මහලදූව , කොත්දූව, නයිදූව, සතපහේ දූව, වදදූව , ගෝනදූව, මඩදූව, කටුදූව, තොත්දූව, විරලදූව, දිමිදූව, ගල්මන්දූව, අපලදූව, ඔවිලාන, පාතමුල්ල යන දූපත් රැසකින් මාදූව හැඩවැඩ වී ඇත.සාගරයක් හා සමාන මාදු ගඟ දුපත් 108කින් සමන්විත වුවත් ආනන්ද රාජකරුණා  මහතාගේ කවි පොතට දුපත් 64ක් තිබු බව ද සඳහන් වේ.   එම දුපත් 64න් ගල්මන්දූව, විරලදූව, මහලදූව,අප්පලදූව , වනදූව, ආදී දුපත් ජනාවාස බවට පත් වී ඇති අතර කඩොලාන, කිරල, ඕලු,මානෙල් ආදී තුරුලතාවන්ගෙන්ද හැඩ වැඩ වී ඇත. ශ්‍රී ලංකාවේ රසවත් ඉස්සන්,කකුළුවන් මාදු ගගේ පමණක් ජිවත්වන බවත් මගුරා,ලූලා,කොරලියා,වැලිගොයියා , පැරූටියා,තෙලියා හැඩොල්ලා, ආදී මත්ස්‍යයින්  වර්ග කීපයක්ම ගගේ ජිවත් වෙති.ලෝකයේ දුර්ලභ කඩොලාන ශාකය වන රන්මිල්ලා නමැති දුර්ලභ කඩොලාන ශාක විශේෂය පිහිටා තිබෙන්නේ පාතමුල්ල ඕවිලාන සුන්දර ගම්මානයේය.දැනට රනමිල්ලා ගස් 10ක් 12ක් පමණ ඉතිරි වී තිබෙන අතර ,රනමිල්ලා ගස් කීපයක ආරක්ෂා කර ගැනීමට විශ්වවිද්‍යාල කීපයක් පියවර ගෙන තිබේ.ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයක් දුපත් හරහා ගමන් කරනුයේ මාදු ගගේ පමණි. ඒ පාතමුල්ල හරහාය.අති රමණිය මේ ගංගාව විදේශීකයන්ගේ  සිත් පැහැර ගැනීමට සමත් වී තිබේ. එසේ වී ඇත්තේ දේශීය විදේශීය පක්ෂින් හා ජෛව විවිධත්වයෙන් යුක්ත නිසාය. මධු ගඟේ සංචාරකයන්ට කඩොලාන පද්ධතියෙන් වැසුණු බිම් ගෙවල් දෙකකින් ගමන් කිරීමට හැකි අතර මත්ස්‍ය තෙරපි මධ්‍යස්ථාන කිහියක්ද මාදු ගඟේ පිහිටා තිබේ. මධු ගඟ ආශ්‍රිතව කොහු කර්මාන්තයෙන් හා ධීවර කර්මාන්තයෙන් විශාල පිරිසක් ජිවත් වෙති. දිනපතා බෝට්ටු 200-300ක්  සංචාරකයන් රැගෙන යාත්‍රා කිරීම දුර්ලභ දර්ශනයක් වන අතර මාදු ගඟ වටා පාවෙන හෝටල් ඇතුළු විවිධ මට්ටමේ සංචාරක හෝටල් රැසක් ඉදිකර තිබීමෙන් සංචාරක පාරාදීසයක් බවට පත්ව තිබේ.


උපුටා ගැනීමකි.


                         
  








Sunday, June 11, 2017

සුන්දර හන්තානයේ වතගොත





  ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මහනුවර නගරයට ආසන්නයේ පිහිටා ඇති හන්තාන කඳුවැටිය සුන්දර රමණිය කඳුවැටියකි. මහනුවර නගරයේ ගිනිකොණ දෙසින් වන්නට ගලහා නගරය දක්වා දිවෙන කඳු පන්තියක් වේ නම් ඒ අනෙකක් නොව හන්තාන කඳුවැටියයි. හන්තාන පරිසර පද්ධතිය ගවට, පාතහේවාහැට, උඩ පලාත , දෙල්තොට යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් මහවැලි ගඟේ  ඉතාම වැදගත් ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙසින් මුහුදු  මට්ටමේ සිට 1240 ක්  පමණ උසකින් වන්නට මෙම කඳුවැටිය පිහිටා ඇත. ඳුවැටිය හරහා ගලා බසින ගැර`ඩි ඔය, මහ ඔය, දොඩම් ගොල්ල ඔය, කුඩා ඔය වැනි අතුගංඟා රැසකට ජලය ලබා දේ.

       දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ගත් පරිසර පද්ධතියක් වන හන්තාන කඳුවැටිය තරණය කළ හැකි ප‍්‍රධාන මාර්ග හතරකි.

             ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා විකාශනාගාරයට පිවිසෙන මාර්ගය
             උඩුවෙල හන්තානේ තේ වත්ත හරහා වැටී ඇති මාර්ගය
             මහකන්ද සරසවිගම හරහා වැටී ඇති මාර්ගය
             පේරාදෙණිය හරහා වැටී ඇති ගලහා - දෙල්තොට මාර්ගයේ දෙල්තොට නගරය හරහා වැටී ඇති           මාර්ගය

මෙම කඳුවැටිය මධ්‍යම කඳුකරයේ අතරමැදි තෙත් කලාපයට අයත් මෙම පරිසර පද්ධතියේ සමස්ත භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 1200 ක් පමණ වේ.

     මධ්‍යම කඳුකරයේ පහළ ප‍්‍රදේශයෙන් අතරමැද තෙත් කලාපයකට අයත් වන හන්තාන කඳුවැටියේ වාර්ෂික වර්ෂාපතනය 2000පප පමණය. ඊසාන දිග හා නිරිත දිග මෝසම් මගින් වසරේ වැඩි කාලයක් වර්ෂාව ලැබෙයි. එබැවින් පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 23 ත් 25 ත් අතර පරාසයක වෙනස්කමක් දක්නට ලැබෙයි. වසරේ ජනවාරි සිට මාර්තු අතර කාලය වියළි දේශගුණික තත්ත්වයක් පවතින අතර කඳු මුඳුන් නිතරම මිඳුමෙන් වැඩි තිබීම සුවිශේෂි ලක්ෂණයකි.

       හන්තාන කඳුවැටියේ පහළ ප‍්‍රදේශයෙන් හෙක්ටයාර 432ක් පමණ වර්ෂ 1939 දී එවකට ශ‍්‍රී ලංකා විශ්වවිද්‍යාලය එනම් අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පවරා ගත් අතර ඉතිරි බිම් ප‍්‍රමාණය වර්ෂ 1952 දී මැයි, මාර, ඇල්බීසියා සහ ඉයුක්ලිපිටස් වැනි දේශීය නොවන ශාක සිටුවිම සහා යොදා ගෙන ඇත. වර්ෂ 1980 දී පමණ පයිනස් වැනි විදේශීය ශාක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඳුවැටියේ ඉහළ සීමාව දක්වා වගා කර ඇති අතර අද මෙම වතුවගා තැනින් තැන දක්නට ලැබේ.

         කඳුවැටියේ ඉහළ සීමාව පතන තෘණ භූමිවලින් ආවරණය වි ඇති අතර සෑබෑ ස්වාධීන වනාන්තර තැනින් තැන දක්නට ලැබේ. පැ`ගිරිමානා, ඉලුක්, පිණිබරු, ගිනිතණ වැනි  තෘණ වර්ගවලින් පහත් බිම් ආවරණය වී පවති. ස්වභාවික වනාන්තර කට්ටිවල නුග, දඹ, බදුල්ල, මදිටියා, කට ගොඩ කටු ඉබුල්, ගල්ගොරක, මකුල බිතුර, නෙල්ලි, කිතුල්, දවුල් කුරුඳු, වන නැඳුන්, කැන්ද, හල්බෙඩිය, බෝවිටියා, මහා බෝවිටියා, ගම්මාලු, රබර්, කොස්, බොද, බැදිදෙල්, එළනුග, මාවේවැල් වැනි ශාක විශේෂ 200 ක් පමණ මෙසේ හන්තාන කඳුකර පරිසරයේ දක්නට පුළුවනි. මේ හැරුණු කොට වගා කළ තේ සහ අතහැර දමන ලද ඉඩම්වල තේ පඳුරු තැනින් තැන දක්නට ඇත.
මෙම ශාක විශේෂ,

             වියන් ස්ථරය
             උප වියන් ස්ථරය
             බිම් ස්ථරය
                                   ඔත්සේ පැතිරී ඇත.
       
  පාරිසරික වශයෙන් ගැටලු රැුසක් ඇති කරන ආක‍්‍රමණික ශාක විශේෂ වන  වනයෝධ නිදිකුම්බා, ගල්ගොරක සහ හවරිනුග මෙන්ම ගිනිකන වැනි ශාක විශේෂ මෙම පරිසර පද්ධතිය තුළ ව්‍යාප්ත වි ඇති බව දක්නට පුළුවනි.

    උඩවැඩියා විශේෂ රැුසක් හමුවන හන්තාන කඳුවැටියේ පර්නාංග ශාක විශේෂ රාශියක් ද දක්නට ලැබේ. මේ අතර  ඕකිඞ් විශේෂයක් ද වනරාජ, හීීීන් බෝවිටියා, බිනර යන ඒකදේශික පැළෑටිද  හන්තාන පරිසර පද්ධතිය තුළ දැකිය හැක.

       හන්තාන කඳුවැටියේ සත්ත්ව විවිධත්වය අතින් දියුණු පාරිසරික වන භූමියකි. ක්ෂිරපායින්, පක්ෂින්, උරගයින්, උභයජීවින් හා සමනල විශේෂ ඒ වගේ ගොළුබෙල්ලන්, ජලාශ‍්‍රිත මසුන්, කෘමින් ආදී සත්ත්ව විශේෂ දේශීය දුර්ලභ වවීමේ තර්ජනයට ලක් වී ඇති විශේෂ ගනනාවක් හන්තාන කඳුවැටියෙන් හමුවෙයි.
       කඳුවැටිය ආශ‍්‍රිතව වල්ඌරන්, රිලවුන්, ඳුන් දිවියන්, නරියා, මීමින්නා, මුගටියා, ඉත්තෑවා, දඩුලේනා, හාවා, හෝ තුඩුවා, ලේනා වැනි ක්ෂීරපායින් දැක ගතහැකි ය.

      හන්තාන කඳුවැටියේ පක්ෂීන් විශේෂ 120 ක් පමණ හ`දුනාගෙන තිබේ. ඒ අතර ලංකාවට ආවේණික පක්ෂීන් වන ශී‍්‍ර ලංකා වලිකුකුළා, ඳුරු නිල් මැසිමාරා, සැළලිහිණියා, ඳුකර වී කුරුල්ලා, ගිරි මලිත්තා, ශී‍්‍ර ලංකා රත් මුහුණත් කොට්ටෝරුවා, හිස දුඹුරු දෙමලිච්චා ඒ අතර වේ. ඊට අමතරව කළු කොණ්ඩයා, පුංචි දෙමලිච්චා, නීල කොබෙයියා, හිස දුඹුරු කෑරලා, පොදු දෙමලිච්චා, වතු පොල්කිච්චා, ලබු ගිරවා, `දුකර මයිලගොයා, සර්ප රාජාලියා, අටුවැහි කිහිණියා වැනි පක්ෂී විශේෂ  ද හන්තාන කඳුවැටියෙන් හඳුනාගෙන තිබේ.

      හන්තාන කඳුවැටියෙන් නාගයා, මුදු කරවලා, පොළොන්තෙස්සා, ඇහැටුල්ලා, ඳුරු මාපිලාගැරඩි අරනි දත් කැටියා, දෙපතුඩුල්ලා වැනි සර්ප විශේෂ පලා කටුස්සා, ගරා කටුස්සා, පිනුම් කටුස්සා, කරමල් බෝදිලිමා, වැනි කටුසු විශේෂත්, සිකනල විශේෂ වන ටේලර්ගේ ලත්හීරලව, සුලභ සිකනලාත්, මහ කැලේ හූනාත්, ඳුකර දිවාසරි හූනා යන හූනු විශේෂයන් උභයජීවී විශේෂ වන සුලභ ගේ මැඩියා, දුඹුරු මොටා, හොඹු මැඩියා, ගන්නෝරුව පඳුරු මැඩියා, උල් හොඩු පඳුරු මැඩියා, සුලභ පනිම්බු ගස් මැඩියා ඇතුළු උබයජීවීන් හා ජලාශ‍්‍රිතව වෙසෙන මිරිදිය මසුන් මෙන් ම අපෘෂ්ඨවංශි සතුන් රැසකගේ නිවහන බවට හන්තාන පරිසර පද්ධතිය පත්ව ඇත.

       සමනල් විශේෂ 95 ක් පමණ හන්තාන කඳුවැටියෙන් වාර්තා වන අතර එයින් මහ කුරුළු පැපිලියා, හිල් කැලෑ කොලයා යන විශේෂ ආවේණික වන අතර නිල් පැපිලියා, ඉරිතැඹිලි කොටිනියා, ඳුරු බොරළුවා, පොදු අලංකාරිකයා, රතු පඳුරු නීලයා, මොණර අලංකාරිකයා, පොදු රෝස පැපිලියා, කළු පැපිලියා යන ආවේණික නොවන සමනල් විශේෂ ගනනාවක් හන්තාන පරිසරයෙන් හමුවෙයි.

       හන්තානේ වැදගත් ස්ථානයක් ලෙස හන්තාන තේ කෞතුකාගාරය හැදින්වීමට පුලුවනි. එහි ආරම්භය 1925 ලෙස සැලකේ. එදා සිට අද දක්වා නොනැවතුනු ගමනක් පැමිණි මෙම කෞතුකාගාරය තේ සහා ලොව ඇති අග‍්‍රගන්‍ය කෞතුකාගාරයක් ලෙස සැලකේ.

       වර්තමානයේ විවිධාකාර වූ පරිසර හානි මේ වනය තුළ සිදුවීම අනාගතයේදී විය හැකි මහා විනාශකාරී පෙරමග ලක්ෂණයකි. පාංශූඛාදනය ප‍්‍රධාන පරිසර හානයකි. පෞද්ගලික ඉඩම්වල සිදුකරන සංවර්ධන කටයුතු ස්වාධීන වනාන්තර එළිකිරීමෙන් මෙම පාංශූඛාදනයට ප‍්‍රධාන හේතුවක් ව ඇත. පෞද්ගලික ඉඩම් ජලමාර්ග අවහිර කරන ඉදකිරීම් හා විවිධ අපද්‍රව්‍ය ඇළ මාර්ගවලට හැරවීම ප‍්‍රබල පරිසර ගැටළුවලට හේතුව ඇත. මෙවන් තත්ත්ව හමුවේ හන්තාන කඳුවැටියේ මහනුවර නගරය ආශ‍්‍රිතව හීරුස්සගල ප‍්‍රදේශයේ නායයාමේ  අවදානමකට ලක්වූ ප‍්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබේ. මෙහි ඉඩම් බොහොමයක් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමට අයත්වන අතර මේවා දැඩි බෑවුම් ප‍්‍රදේශ වෙයි. පෞද්ගලික ඉදිකිරීම් හේතුවෙන් මෙන්ම අක‍්‍රමවත් ඉදිකිරීම් පාංශූඛාදනය හා නායයාම් අවදානම් තත්ත්වයක් උදාකර ඇත.

           ස්වභාවික නායයාම් වලට වඩා මානව ක‍්‍රියාකාරකම් හේතුවෙන් මෙසේ හන්තාන නායයාමේ තර්ජනයන්ට පත්ව තිබෙන බව දක්නට පුළුවනි. එයට ප‍්‍රබල හේතුවක් ලෙස අක‍්‍රමවත් ඉදිකිරීම් ඉහත කී පරිදි සඳහන් කිරීමට පුළුවන. මෙය අවම කිරීමට රජය මඟින් ගෙන ඇති පියවර කිහිපයකි. හන්තානයේ යම් ඉදිකිරීමක් සිදු කරන්නේ නම් ඒ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන විසින් අවසර ගත යුතුය. එහි පර්යේෂණ වාර්තාව අනුව ඉදිකිරීමට සුදුසු භූමියක් ද නැති ද යන්න තීරණය කරනු ලැබේ. එමෙන්ම දැඩි බෑවුම් සහිත ප‍්‍රදේශ නායයාමෙන් වළක්වා ගැනීමට ඉංජිනේරු තාක්ෂණික ක‍්‍රමවේදයන්ට අනුව ඉදි කිරීම් සිදු කරනු ලැබේ. අනවසර ඉදි කිරීම් හා ඊට උත්සාහ දැරීමෙන් හන්තාන පරිසර පද්ධතියට විශාල හානියක් සිදු වේ. වතුවගාවලට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ද පරිසරයට එල්ලවන බලපෑම විශාල වේ. ශාක හා සත්ව ප‍්‍රජාව එහි බලපෑමට ලක්වේ.

         දිගු කලක සිට හන්තාන කඳුවැටියේ සිදුවන පරිසරයට හානිකර ක‍්‍රියාකාරකම් නිසා විශාල හානියක්  සිදුව ඇත. පෙබරවාරි , මාර්තු යන කාල සීමාවලදී සිදුවන ගිනි ගැනීම් ( වියළි කාලය පැමිණීමත් සමග අවට පදිංචිකරුවන් දඩයම් කිරීම අරමුණු කොට ගෙන කැලෑ ගිනි තබයි. ඒ  හේතුවෙන් පොදුවේ සත්ව විශේෂ මෙන්ම ශාඛ ප‍්‍රජාව ද විනාශයට පත් වේ. පසුව ඉතාමත් සරුවට වැවෙන ගිනිකූරා සහ මාන මෙම කඳුකරය පහත් බිම් බවට පත් කරයි. 

         ආක‍්‍රමණශීලී ශාක හා සතුන්ගේ ව්‍යාප්තිය හා සතුන්ගේ ව්‍යාප්තිය වැඩිවීම තවක් ප‍්‍රධාන ගැටළුවකි.උදාහරණයක් ලෙස ෆයින්ස් ශාකය දැක්විය හැකිය. මෙම ආක‍්‍රමණික ශාකයන් හන්තාන පරිසර පද්ධතියෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් පවතී. එසේ නොකොළහොත් ආක‍්‍රමණික ශාක හන්තාන පරිසර පද්ධතියම වෙළා ගන්නා දිනයක වැඩි ඈතක නොවේ. ෆයින්ස් ශාකය නිසා හන්තාන ප‍්‍රදේශයේ දිය උල්පත් සිඳීයෑමට පටන් ගෙන ඇත. මේ හේතුවෙන් ෆයින්ස් වගාවේ ව්‍යාප්තිය වේගවගවත්ව තවත් පරිසර හානියක් සිදුවේ.
          වැසි ජලය නිසි ලෙස කළමනාකරණය නොකිරීම මෙම ප‍්‍රදේශයේ පවතින තවත් පාරිසරික ගැටළුවකි. එමෙන්ම මෙහි ඉදිව ඇති නිවෙස්වල අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව ද යම් යම් ගැටළු මතුව ඇත. 
          දේශීය සංචාරකයින්ගේ නොසැලකිලිමත් බව මෙහි ප‍්‍රධාන පරිසර ගැටළුවක් බවට පත්ව තිබෙන අතර, ඔවුන් හන්තාන නැරඹීට පැමිණීමේ දී ගෙන එන පොලිතීන් , ප්ලාස්ටික් ආදී අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හේතුවෙන් හන්තානේ සුන්දරත්වයට දැඩි බලපමක් එල්ල වේ.

             ඉඩම් කට්ටි කිරීම
             වනාන්තර එළි කිරීම
             කෘෂිකාර්මික කටයුතු ව්‍යාප්තිය
             වෙනත් සංවර්ධන කටයුතු  

හේතුවෙන් ද හන්තාන ප‍්‍රදේශයට පාරිසරික වශයෙන් විශාල බලපෑමක් එල්ල වී ඇත.

        බි‍්‍රතාන්‍ය පාලන සමයට ප‍්‍රථම රමණීය වන ගෘහයක්ව පැවති හන්තාන කඳුවැටිය එම පාලන සමයේ තේ , කෝපි , රබර් වැනි භෝග වගාවන් සදහා හෙළි කිරීමෙන් පසුව නැවත ගොඩ නැගිය නොහැකි අයුරින් පරිසර හානියකට ලක්විය. එපමණක් නොව පසුකාලීනව මෙයින් ඇතැම් ඉඩම් වගා නොකොට අත් හැර දමන ලද අතර එම මුඩු බිම්ද හන්තානේ සුන්දරත්වයට මෙන්ම පරිසර හානීන්ට ද හේතු විය.
මේ ආකාරයට නොයෙක පරිසර හානි හා ගැටළු මතුව ඇති ආකාරයක් හඳුනාගත හැකිය.එබැවින් මානව ක‍්‍රියාකාරකම් මගින් වන හානි අවම කරගැනීම නොව වළක්වා ගැනීමට අප සියළු දෙනා වගකීමෙන් යුත්තව ක‍්‍රියා කළ යුතු ඇත.


          1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත් 24 ඈ හා 24 ඈ යන වගන්ති වලට අනුව හන්තාන පරිසරය ‘‘හන්තාන පාරිසරික ආරක්‍ෂක ප‍්‍රදේශය’’ ලෙස නම් කොට තිබේ.
                හන්තාන කඳුවැටියේ තිබෙන පාරිසරික වැදගත්කම පිළීබඳව විමසීමේදී

             ජල පෝෂක ප‍්‍රදේශයක් වීම
             දාර්ශනික කඳුවැටියක් වීම
             ජෛව විද්‍යාත්මක වටිනාකමක් තිබීම
             සංරක්‍ෂණ සැලසුම් කි‍්‍රයාත්මක කරන ප‍්‍රදේශයක් වීම
                හඳුනාගැනීමට පුළුවන.

                හන්තාන යනු ලක්වැසියන්ට සොබාදහමින් ලැබුණු දායාදයක් වැනිය. එය රැුක ගැනීම අප කාගේත් යුතුකමක් සහ වගකිමක් ද වන්නේ ය.