Monday, July 24, 2017
Thursday, July 20, 2017
නොදුටු හිට්ලර්
ජර්මනියේ පාලකයාව සිටි ඇඩොල්ෆ්ට් හිට්ලර් වරක්
ඉතාලියේ සංචාරයකට යාමට සිදුවිය. ඒ සඳහා ඔහුට ආරාධනා කොට තිබුණේ ඉතාලියේ තුන්වන
වික්ටර් එම්මැනුවල් රජු විසිනි.හිට්ලර්ගේ ජර්මන් රජය සහ ඉතාලියේ බෙනිටෝ මුසොලිනිගේ පැසිස්ට් රජය අතර වන සබඳතා ද
එවකට ඉහලින් පැවතුණි. මේ ඉතාලි සංචාරය
1938 දී සිදුවූවක් වූ අතර එවකට දෙවන ලෝක යුද්ධය ඇරඹි නොතිබිණ. ජර්මනිය ආසන්නයේ ඇති
යුරෝපා රටවල හිට්ලර්ගේ සංචාර සාමාන්‍යයෙන්
සිදු වුයේ දුම්රිය මගිනි.මෙවැනි විදේශ සංචාර සඳහා හිට්ලර් විශේෂ දුම්රියක්
භාවිතයට ගෙන තිබුණේය. සිය ඉතාලි සංචාරයට සමීප ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරින් ද
සහභාගී කර ගැනීමට හිට්ලර් උත්සුක විය.ඉතාලියේ රෝම දුම්රිය ස්ථානයට ආසන්න වෙමින්
තිබියදී ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරින්ද, දුම්රියේ තමාගේ විශේෂ මැදිරියකට
හිට්ලර් විසින් කැඳවනු ලැබිය. ඒ විශේෂ උපදේශයක් දීම සඳහාය.ඇමතිවරුන් සහ නිලධාරීන්
හමුවූ හිට්ලර් ඔවුනට මෙසේ කිවේය.
“දැන් රෝම දුම්රියපොළේ අපව පිළිගන්න විට පදක්කම්
වලින් කබාය පුරවගත්තු කොට පුද්ගලයෙක් දකින්න පුළුවන් වෙයි. කවුරුත් එයාට හිනාවෙන්න
එහෙම එපා.එයා තමයි වික්ටර් එම්මැනුවල් රජ්ජුරුවෝ.මං හිතන්නේ ලෝකයේ කොටම රජ්ජුරුවෝ එයා
වෙන්නට ඕනෑ.’’
තවත් වරක් හිට්ලර් සිය පෙම්වතිය වූ ඊවා
බ්‍රෝන් සමඟ චිත්‍ර කලාව ගැන කථා කරමින් සිටියේය. ඔහු ද මුල් යුගයේ චිත්‍ර ශිල්පය ප්‍රගුණ කළේය. එහිදී ඊවා
බ්‍රෝන් මෙසේ කීවාය
.
“වඩා හොඳ සිතුවම් ඇතුලත් කලාගාරයක් ඇති
කිරීමට ඔබ උනන්දු නොවන්නේ ඇයි ? කලාගාරයක් ඇති කළොත් හොඳයි. එත් ඊට චිත්‍ර ලබාදීමට
ඒවා නිර්මාණය කළ චිත්‍ර ශිල්පීන් කැමති විය යුතුය. ඉතින් ඔබට පුළුවන්නේ කලාගාරයට
චිත්‍ර ලබා දෙන්න කියා ඔවුනට නියෝග කරන්න.”
හිට්ලර් එයට පිළිතුරු දුන්නේ මෙසේය.
“ මගේ කලාගරයට චිත්‍ර ලබා දෙන්න
කියා චිත්‍රශිල්පින්ට නියෝග දෙන්න මට
බැහැ. මං කොහොමද බලෙන් චිත්‍ර ගෙන්වා ගන්නේ.ඔවුන් ඒවා දෙන්න ඕන කැමැත්තෙන්. කැමති
නැත්නම් මං මොනවා කරන්නද ?
මේ කාලය වන විට හිට්ලර් ලෝකයේ රටවල්
රැසක් යටත් කරගනිමින් සිටි වකවානුවක් වුවද තමාගේ කලාගාරයට චිත්‍ර ශිල්පීන්ගෙන්
බලහත්කාරයෙන් චිත්‍ර ලබාගැනීමට ඔහු අකමැති විය. හිට්ලර්ගේ චරිතය විමසීමේදී හරි හෝ
වැරදි වුවද රට පිළිබඳ විනා සිය පෞද්ගලිකත්වය ගැන අවධානයක් යොමු කර නැති බව පෙනේ.
තවත් වරක ඊවා බ්‍රෝන් යම් දෙයකට හිට්ලර් සමඟ
ඔට්ටුවක් ඇල්ලීමට සුදානම් වුවාය. ඊට හිට්ලර් පිළිතුරු දුන්නේ මෙසේය.
“මං කැමැති නැහැ ඔයා එක්ක ඔට්ටු අල්ලන්න.මොකද ඔයා පැරදුනොත් ඔයා
මට ගෙවන්න වෙන මුදලුත් දෙන්න වෙන්නේ මටමනේ.”
දෙවන ලෝක යුද්ධය දරුණු අන්දමින් පැතිර
යමින් තිබියදී සෑම සැන්දෑවකම සිය ඇමතිවරුන් යුද නිලධාරීන් සහ හිතවතුන් පිරිවරා
කොපි පානය කිරීමට හිට්ලර් කැමැත්තක් දැක්විය.මෙවැනි අවස්ථාවක හිට්ලර් මෙසේ කිවේය.
“මාව පිළිගන්න තියෙන උත්සව වලට පොඩි
ළමයින් ගෙන්වනවාට මම කැමති නැහැ.අපේ හතුරෝ මාව ඉලක්ක කරලා පහර දුන්නොත් ඒ පොඩි
ළමයි අනතුරට පත්වෙන්න පුළුවන්.”
හිට්ලර්ගේ අවසාන පෞද්ගලික ලේකම්වරිය වූ
ට්‍රවුඩ් යුන්ග් සිය චරිතාපදානය ලියමින් සඳහන් කර ඇත්තේ පුද්ගලයෙකු ලෙස හිට්ලර්
සිය නිලධාරීන්ට කාරුණිකව සැලකු බවය.කාන්තවන් කෙරේ නිසි ගරුත්වයක් ඔහු ලබා දුන් බව
ඇය පවසා ඇත.පෞද්ගලික ප්‍රයෝජනය සඳහා සිය නිලබලය කිසි දිනක හිට්ලර් විසින් යොදා
නැති බව ඇය සඳහන් කර තිබේ.සිය දීර්ඝ කාලීන පෙම්වතිය වූ ඊවා බ්‍රෝන් මියයාමට පෙර
විවාහ කර ගැනීමට ඔහු තීරණය කළේ හිට්ලර්ගේ අනියම් බිරිඳ ලෙස ඉතිහාසයේ සඳහන් වීම
වැලැක්වීම සඳහාය. ඊවා බ්‍රෝන් හිට්ලර් සමඟ 1945 අප්‍රේල් 30 දින දිවි නසගනු ලැබුවේ
හිට්ලර් මහත්මිය ලෙසින් නැතහොත් ඔහුගේ නිත්‍යානුකුල බිරිඳ ලෙසය.
Wednesday, July 19, 2017
තේ දල්ලේ රස කතාව
සමහරු කෙට්ටු වෙන්න ග්‍රීන් ටී බොනවා. සමහරු බ්ලැක් ටී බොනවා. ගෙදරට අමුත්තෙක් ආවහම අපි කතාව පටන් ගන්නේ තේ එකක් බොන ගමන්.හැබැයි අපි දන්නවාද මේ තේ මොනවද කියලා. තේ කෝප්පය පිටිපස්සේ ඒ රසයට, සුවඳට වහ වැටිච්ච තේ සමාජයක් ඉන්නවා. ඒත් මේ තේ දල්ලේ සංයුතියේ රහස හමු වෙලා තියෙන්නේ නම් ළඟදී. චීන උද්භිද විද්‍යාඥයන් පිරිසක් තමයි මේ රහස හොයා ගෙන තියෙන්නේ. Camellia Sinensis කුලයට අයත් තේ ගස්වලින් ගන්න දල්ලෙන් සුදු තේ, කහ තේ, හරිත තේ, ඌ ලෝන්ග් තේ, කළු තේ හා මුදුන් තේ කියලා වර්ග 6ක් නිෂ්පාදනය කරනවා.ඒ වගේම ඒ තේ වර්ග හයටම වෙනම සුවඳක්, රසක්,පාටක් තියෙනවා.ඒ ඒ රස ඇති වෙන්නේ සුවිශේෂී රස උත්පාදනය කෙරෙන රසායනික සංයුතීන් නිසයි. එක තේ කොළයක රස ගොඩක් තිබේ.ඒ රසවල ජාන පදනම තමයි කුන්වින් උද්භිද විද්‍යාලයේ ජාන විශේෂඥ මහාචාර්ය ලිෂි ගාඕ මහතා හොයනන පටන් ගෙන තියෙන්නේ. Camellia කියන උද්භිද නාමයෙන් තේ කුලයේ පැළෑටි 100ක් විතර තියෙන බව මහාචාර්ය ලිෂි ගාඕ මහතා ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි වාණිජ මට්ටමේ තේ නිෂ්පාදනය සඳහා යොදා ගන්නේ Camellia Sinensis විතරයිලු. තේ රස රහස හොයන කොට තේ වලටම ආවේනික ප්‍රබල රසායන වර්ග සොයාගෙන තියෙනවා වගේම “කැෆේන්” තේ ගසේ ද රසායන වර්ග හොයා ගන්න සමත් වූ බවයි මහාචාර්ය පවසන්නේ. චීන විද්‍යාඥයන් විසින් සිදු කරපු මේ පර්යේෂණය තේ නිපැයුම්කරුවන්ට විශාල බලපෑමක් කියලා තමයි බ්‍රිතාන්‍යයේ “ කිව් ගාර්ධන් ”රාජකීය උද්භිද උද්‍යානයේ විද්‍යා විෂය භාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා ආචාර්ය මොනික් සිපොන්චිස් මහත්මිය කියන්නේ.කොහොම උණත් චීනයේ මේ පරීක්ෂණයට අවුරුදු 5ක් ගතවෙලා තියෙනවා.DNA අණු කෝටි තුන්සීයක් පරික්ෂා කරලා බලනකොට තමයි තේ ගසේ ජාන කෝපි ගහේ ජානවලට වඩා ප්‍රමාණය අතින් සිවු ගුණයක් විශාලයි කියලා හොයාගෙන තියෙන්නේ. විද්‍යාගාර තුළ විස්සකට අධික පැළෑටි ජාන බද්ධ ඒවා එකට ගොනු කරලා කරපු පර්යේෂණ වලින් හොයාගෙන තියෙන දෙයක් තමයි තේ ගස් වල තියෙන ජාන ඉතා ශක්තිමත් බව. මුල්ම තේ ජානමය බද්ධ කිරීම සිදුවෙලා තියෙන්නේ මීට අවුරුදු පහළොවකට පමණ පෙරයි.එත් මේ කරපු පරීක්ෂණයත් එක්කම, මේ පරික්ෂණයෙන් ලබාගත් දේවල් වලින් පැළෑටි අභිජනනය කරන අයට හොඳ පිළිතුරක් ලැබිලා තියෙනවා කියලත් ඔවුන් කියනවා.
Sunday, July 16, 2017
Friday, July 14, 2017
මාදුගං කොමළිය
දුපත්වලින් සමන්විත ගංගා අතරින් වැඩිම දුපත් සංඛ්‍යාවක්
තිබෙන එකම ගංගාවක් වන්නේ බළපිටියේ සුන්දර මාදු නදිය පමණි.කරන්දෙණිය මැතිවරණ
කොට්ඨාසයට මායිම්ව බළපිටිය මැතිවරණ කොට්ඨාසයේම පමණක් මේ ගංගාව පිහිටා තිබෙන අතර එය
දුපත් 32කින් සමන්විත වූ සුන්දර ගංගාවකි.සෞන්දර්යයෙන් පිරි මේ රමණිය ගංගාව
පොල්අතුකන්දෙන් ආරම්භ වන බවට මතයක් පැවතියත් එය එතරම් විශ්වාස කළ නොහැකිය. මේ
සුන්දර නදිය කලපුවක් බවට හඳුන්වන බවට ප්‍රදේශවාසීහු කියති.එසේම ජෛව විවිධත්වයෙන්
හෙබි මාදු ගඟ රැම්සා තෙත්බිමක් මෙන්ම අභය
භූමියක් බවටත් නවීකරණය කර තිබේ. දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත්සිත් පැහැර ගැනීමට
සමත් වූ මාදුගං කොමළියගේ විශාලතම දුපත වනුයේ මාදූවය.ග්‍රාම නිලධාරී වසමකින්
සමන්විත මේ දුපතේ පවුල් 275ක් පමණ ජිවත් වෙති. පාසලක් උප තැපැල් කාර්යාලයක් පෙර
පාසලක් විහාර ස්ථාන දෙකකින් මේ දුපත සමන්විත වේ. ඕමන්තේ පුඤ්ඤසාර හිමියන් එහි
විහාරස්ථානධිපති ලෙස කටයුතු කරන අතර දන්ත ධාතුන් වහන්සේ සතුරන්ගෙන් ආරක්ෂා හැර
ගැනීම සඳහා වැලිවලින් කොතක් සාදවා එහි ධාතුන් වහන්සේ තැන්පත් කරවා ආරක්ෂා කර ගත්
බවද ඓතිහාසික තොරතුරු වල සඳහන් වේ.
මහලදූව , කොත්දූව, නයිදූව, සතපහේ දූව, වදදූව ,
ගෝනදූව, මඩදූව, කටුදූව, තොත්දූව, විරලදූව, දිමිදූව, ගල්මන්දූව, අපලදූව, ඔවිලාන,
පාතමුල්ල යන දූපත් රැසකින් මාදූව හැඩවැඩ වී ඇත.සාගරයක් හා සමාන මාදු ගඟ දුපත්
108කින් සමන්විත වුවත් ආනන්ද රාජකරුණා
මහතාගේ කවි පොතට දුපත් 64ක් තිබු බව ද සඳහන් වේ. එම දුපත් 64න් ගල්මන්දූව, විරලදූව,
මහලදූව,අප්පලදූව , වනදූව, ආදී දුපත් ජනාවාස බවට පත් වී ඇති අතර කඩොලාන, කිරල,
ඕලු,මානෙල් ආදී තුරුලතාවන්ගෙන්ද හැඩ වැඩ වී ඇත. ශ්‍රී ලංකාවේ රසවත් ඉස්සන්,කකුළුවන්
මාදු ගගේ පමණක් ජිවත්වන බවත් මගුරා,ලූලා,කොරලියා,වැලිගොයියා , පැරූටියා,තෙලියා
හැඩොල්ලා, ආදී මත්ස්‍යයින් වර්ග කීපයක්ම
ගගේ ජිවත් වෙති.ලෝකයේ දුර්ලභ කඩොලාන ශාකය වන රන්මිල්ලා නමැති දුර්ලභ කඩොලාන ශාක
විශේෂය පිහිටා තිබෙන්නේ පාතමුල්ල ඕවිලාන සුන්දර ගම්මානයේය.දැනට රනමිල්ලා ගස් 10ක්
12ක් පමණ ඉතිරි වී තිබෙන අතර ,රනමිල්ලා ගස් කීපයක ආරක්ෂා කර ගැනීමට විශ්වවිද්‍යාල
කීපයක් පියවර ගෙන තිබේ.ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයක් දුපත් හරහා ගමන් කරනුයේ මාදු
ගගේ පමණි. ඒ පාතමුල්ල හරහාය.අති රමණිය මේ ගංගාව විදේශීකයන්ගේ සිත් පැහැර ගැනීමට සමත් වී තිබේ. එසේ වී ඇත්තේ
දේශීය විදේශීය පක්ෂින් හා ජෛව විවිධත්වයෙන් යුක්ත නිසාය. මධු ගඟේ සංචාරකයන්ට
කඩොලාන පද්ධතියෙන් වැසුණු බිම් ගෙවල් දෙකකින් ගමන් කිරීමට හැකි අතර මත්ස්‍ය තෙරපි
මධ්‍යස්ථාන කිහියක්ද මාදු ගඟේ පිහිටා තිබේ. මධු ගඟ ආශ්‍රිතව කොහු කර්මාන්තයෙන් හා
ධීවර කර්මාන්තයෙන් විශාල පිරිසක් ජිවත් වෙති. දිනපතා බෝට්ටු 200-300ක් සංචාරකයන් රැගෙන යාත්‍රා කිරීම දුර්ලභ දර්ශනයක්
වන අතර මාදු ගඟ වටා පාවෙන හෝටල් ඇතුළු විවිධ මට්ටමේ සංචාරක හෝටල් රැසක් ඉදිකර
තිබීමෙන් සංචාරක පාරාදීසයක් බවට පත්ව තිබේ.
උපුටා ගැනීමකි.
Friday, July 7, 2017
මහාකවි කාලිදාසයන්ගේ මේඝදූතය
ලෝකයේ ප්‍රථම සන්දේශ කාව්‍යය පිළිබඳ අපට අසන්නට
ලැබෙනුයේ පුරාණ භාරතයෙනි.ඒ මහකවි කාලිදාසන්ගේ මේඝදූතය යි.එක් යක් සෙනවියකු විසින්
සිය ප්‍රියව වෙත වලාවක් අත යවන ලද පෙම් පණිවිඩයක් ගැන කියැවෙන සංස්කෘත කාව්‍යයකි.මෙම
කෘතිය මුල්ම සන්දේශ කාව්‍යය ලෙස සැලකෙන නමුත් පුරාණ චීන කවියෙකු වූ ක්‍රි:පු: 274
දී පමණ මිය ගිය වූ යුවාන් වලාවක් අත යැවූ පණිවිඩයක් ගැන ගයිල් නමැති පඬිවරයාගේ චීන
ඉතිහාස සාහිත්‍යයේහි සඳහන් වෙයි.නමුත් සාහිත්‍ය අධ්‍යනය කරන්නන් අතර වැඩිපුර කතා
බහට ලක් කෙරෙන්නේ මේඝදූතය මුල්ම සංදේශ කාව්‍යය බවයි. මේඝදූතයේ කතා පුවත සැකෙවින්
මෙසේය.
“කුවේර නම් යක්ෂ නායකයාගේ මානස නම් පියුම් විලක්
තිබුණි.මේ විලෙහි නෙළුම් මල් රැකීමට ළඟදි විවාපත් තරුණ යක්ෂයෙකුට භාර කොට තිබිණි.ඔහු
තම තරුණ භාර්යාව පිළිබඳ නිතර සිත් බැදීමෙන් තමන්ට පැවරුණු රාජකාරිය නිසි ලෙස ඉටු
කිරීමට නොහැකි විය. මේ බව දැනගත් කුවේරයා යක්ෂයා පිළිබඳ වෛරී සිත් ඇති කරගනිමින්
දිශාවන්ට අධිපති හස්ති සමුහයා ලවා ඔහුගේ පියුම් විලේ වූ මල් විනාශ කරවන ලදී. කෝපයට
පත් කුවේරයා වසරක් මුළුල්ලේ තරුණ සෙන්පතියාට විරහා දුක විඳින්නට ශාප කරන
ලදී.සිය ප්‍රිය බිරියගෙන් වියෝව සිත් තැවුලෙන් රාමගිරි පර්වතයෙහි සිටින
යක් සෙනවියාට දිනක් තම හිසට උඩින් යන වලාවක් පෙනෙයි.ඔහු ඒ වලාව අමතා තම ප්‍රියාව
වෙත පණිවිඩයක් යවයි. කාලිදාසයන් අතින් නොයෙකුත් වර්ණනා නමැති මසින් ලෙයින් පිරි
දුත කාව්‍යයක් ලෙස මේඝදූතය හැඳින්වීමට පුළුවනි.”
පෞද්ගලික අත්දැකීමක් ආශ්‍රය කොට ගෙන ප්‍රතිනිර්මාණය
කරන ලදැයි සිතිය හැකි මෙම කතා ප්‍රවෘත්තිය ඉතා රමණිය කාව්‍යයක් වන්නේ මෙම කාව්‍යය
පුරාම හෘදයාංග භාවය පිරි පවතින නිසාය.කාව්‍යයයේ මුලික රසය වූ ශෘංගාරය මුළු කෘතිය
පුරාම ඉතා සංයමයෙන් ඉදිරිපත් කොට ඇත.නදියක්, පර්වතයක් හෝ අන් කවර වස්තුවක් වර්ණනා
කරනු ලැබුවත් කාව්‍යයේ මුලික රසයටත් ආකෘතියටත් බාධාවක් නොවන පරිද්දෙන් කාව්‍යයේ
ආත්මය සමඟ බැඳී පවතින්නේ ශාරීරික අවයවයන් පරිද්දෙනි.ඒ පිළිබඳ යක් බිරිඳගේ ශෝකි
ස්වභාවය සහ ඇහේ සිරුරේ විලාශය කාලිදාසයන් සින්ධු නදී වර්ණනාවට එක් කොට ඇත්තේ ඉතා රමණිය ලෙසය.
“ සිදී ගිය දිය දහරින්
සිහින් කොට ගෙතුණු වරලසෙක සැටි පෑ
ඉවුරෙහි තුරු පෙළින් හොත් පරඬලායෙන්
පඬු පෑ රැගත්
සින්ධු නදිය,
ඇයගේ විරහ විලස් නිසා
පින්වත
( නිර්වින්ද්‍යා හැරී යෙන ) ඔබේ
පින්වත් බව පසක් කරාවි.
ඇය කිස බැවින් මුදා තර කරන්නට
සමත් වනුයේ
ඔබම හෙයිනි ”
( මේඝදූතය
- ම.ව .සුගතපාල ද සිල්වා , 29 පි )
මේඝදූතය මුල් ම සංදේශ කාව්‍යය වුවත්,මේඝදූතය හා
සම්භාව්‍ය සිංහල සංදේශ කාව්‍ය අතර සැලකිය යුතු වෙනස්කම් රාශියක් දක්නට ලැබේ. සම්භාව්‍ය
සිංහල සංදේශ කාව්‍ය වශයෙන් මෙහිදී සලකන ලද්දේ ගම්පොළ,කෝට්ටේ හා සීතාවක යන
අවධින්හිදී රචනා කරන ලද තිසර,මයුර,පරෙවි,කෝකිල, සැළලිහිණි, ගිරා ,හංස සහ සැවුල් යන
ජේෂ්ඨ සිංහල කාව්‍යයෝ වෙති.අනිකුත් සියලුම
සංදේශ කාව්‍ය කණිෂ්ඨ ගණයට අයත් වේ. මේඝදූතය පෞද්ගලික අත්දැකීමක් ආශ්‍රයෙන් නිර්මිත
මනංකල්පිත කතා ප්‍රවෘත්තියක් වීම නිසා සහෘදයාට කාව්‍යයේ අත්දැකීම් හා එක් වීමට
පුළුවන.එහි හෘදයාංගම බවක් ද ඔහුට දැනෙයි. එහෙත් සිංහල සංදේශ කාව්‍ය මේ හෘදයාංගම බවෙන් තොර ය. ඒවායේ කතුවරයන්ට
ආවේනික පෞද්ගලික අත්දැකීමක් නොමැත. එවැන්නකට සේයාවක්වත් දක්නට ලැබුනොත් ඒ අතරින්
පතර වූ වර්ණනාවක පමණි. සෑම සම්භාව්‍ය සන්දේශ
කාව්‍යයකම මූලික හරය වී ඇත්තේ කිසියම් පොදු අරමුණක් ඉටු කර ගැනීමේ අභිලාෂයෙන්
දෙවියන් වෙත කරන ලද කන්නලව්වකි. රජ,බිසව,ඇමති ගණයා,රට හෝ සසුන රැක දෙන ලෙස දෙවියන්
යැදීම ජේෂ්ඨ සංදේශ සියල්ලට මපොදු හා භක්තිය අරමුණ ය.
මේඝදූතයේ එන දූතය අචේතනික වස්තුවක් වූ
වලාකුළකි.මේඝදූතයට පසුව උතුරු ඉන්දියාවේ ලියවුණු ඇතැම් සන්දේශ කාව්‍යයක දුතයා වුයේ
ද අචේතනික වස්තුවකි.නැතහොත් ආධ්‍යාත්මික කරුණකි. පවන,චන්ද්‍රයා,සිත,සීලය හා භක්තිය
යනාදී වශයෙනි. එහෙත් සෑම සිංහල සන්දේශ කව්‍යයකම පාහේ දුතයා සචේතනිකය .එයිනුදු
බොහොමයක් පක්ෂීහු වෙති.මොනරා,හංසයා,පරෙවියා,සැළලිහිණියා,ගිරවා හා සැවුලා මේ අතර
බෙහෙවින් ජනප්‍රිය වූ දුතයෝ වෙති.
මේඝදූතයේ ආරම්භය වස්තු නිර්දේශයකින්
සිදුවෙතත් සිංහල සංදේශ කාව්‍යවල ආරම්භය දූතාශිර්වදයකි.මේඝදූතය ආරම්භ වන්නේ පහත දැක්වෙන ගීයනි.
“ එක් යක්- සෙනවියෙක්
සිය නිලයේ නොරැඳීයේ
වසරක මුළුල්ලේ විරහ විඳුව’යි
හිමියාණන්
කළ සාපයෙන්
බෙල හීනව ගියේ,
ජානකිය දිය සැනැහුයෙන් පිවිතුරුව
තුරු සේ - වළල්ලෙන් පියකරුව ගිය
රම් -ගිරි අසපු අඩවියේ විසී ”
(මෙඝදුතය -ම.ව සුගතපාල ද සිල්වා 1 .පි
)
කාලිදාස සිය දූත කාව්‍ය රචනා කිරීමේදී
උපයෝගී කර ඇත්තේ මන්දාක්‍රාන්තනම් වූ එකම විරිතකි.එහෙත් සිංහල කවීහු තම කාව්‍ය
සඳහා සමුහයක් යොදා ගත්හ.ඒ නිසා සිංහල සන්දේශ කාව්‍යවල ඒකාකාර බව පහව ගොස් අමුතු
එළියක් ලැබී ඇත.නිදසුනක් වශයෙන් සැළලිහිණියේ සහ මයුරයේ එන නළඟන රුගුම් ද හංසයේ එන
දිය කෙළි වැනුම් ද දැක්වීමට පුළුවනි.මේවයේ විරිත් මාරුව නිසා සජීව බවක් හා අමුතු
ලාලිත්‍යක් ද මතු වී පෙනේ.මේ අතර සන්දේශ සියල්ලට ම පාහේ පොදු විරිත් කීපයක් ද දක්නට ලැබේ.දුතාශිර්වදයෙහි
දක්නා ලැබෙන ගී විරිත එවැන්නකි.ප්‍රථම පාදයේ මාත්‍රා 9 ක් ද ඊලඟ පාදයන්හි මාත්‍රා
11 බැගින් ද මාත්‍රා 42කින් යුත් මෙම විරිත යහ ගී විරිත නමින් හැඳින්වේ.පාදයක මාත්‍රා
18 බැගින් සමුද්‍රඝෝෂ විරිත පොදු විරිතකි.යහ ගී විරිත හා සමුද්‍රඝෝෂ විරිත එක් කොට
ගෙන සැදුණු උපජාති විරිතින් බැඳුණු දසපද සැහැලි ද බොහෝ කව්‍යයන්හි දැකිය හැකිය.
සිංහල සන්දේශ කාව්‍ය හා මේඝදුත කාව්‍යයෙහි
යම් සමාන කමක් දක්නට ලැබේ නම් ඒ කාව්‍ය සන්දර්භ අතිනි.එය ඉතා සුළු වුවකි.දුත
වර්ණනා, මග තොරතුරු දැක්වීම හා දූතාශිර්වාදය වැනි අංග මේඝදූතය සමඟ සදෘශ කොට කතා කළ
නොහැකිය. එහෙත් උචිතානුචිත බව අනුව සලකන කල සිංහල කාව්‍යවලට වැඩි උචිත බවක්
මේඝදූතයෙහි දක්නට ලැබේ. කාලිදාස කවියා අතට පත්වන කවර වස්තුවක් වූවත් මූලික රසයට
අනුගත වන පරිද්දෙන් ම රස ජනනය කෙරේ.සිංහල සන්දේශ කවියන් තුළ ඒ වාසනා ගුණය නොවිය.මේ
නිසා ශාන්ත රසයෙන් යුතු විය යුතු හංස සන්දේශය වැනි කාව්‍යයක පවා ශෘංගාරය යොදා ගත
තැන් එමට ය.මේඝදූතයේ එන ඇතැම් ලක්ෂණ සිංහල සන්දේශ කවීන් අත් හළ බවක් ද පෙනේ.
Sunday, July 2, 2017
Subscribe to:
Posts (Atom)






